Friday, February 17, 2017

මගේ අලුත් බ්ලොග් පිටුව

කාලෙකින් ඔයාලව හමුවෙන්න ආවේ. මගේ යාලුවන්ගෙන් මට ඉස්සර වගේම තව උදව්වක් ඕන. UnixMen  කියන්නේ මගේ අලුත් බ්ලොග් පිටුව. මේක මට ඉස්සරහට කරගෙන යන්න ඔයාලගේ උදව් ඕන.

https://unixmen.blogspot.ca/

කාලෙකින්......

ආයෙමත් පටන් ගන්න කියලා බැලුවේ. කස්ටිය මෝකෝ කියන්නේ?

Thursday, March 15, 2012

Server 8 ආවා.....

ඇගිලි ගැන ගැන බලාගෙන හිටපු server 8 beta ver. නිල වශයෙන් මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් පසුගියදා නිකුත් වූනා.

මයික්‍රොසොෆ්ට් ආයතනය කියන විදියට මෙය වේගවත්, බහුකාර්ය (multitenant-aware) සහ විශේෂයෙන්ම cloud පහසුකම් සපයන මෙහෙයුම් පද්ධතියක් ලෙස හදුන්වනවා.

මට හිතෙන විදියට මයික්‍රොසොෆ්ට් විසින් මේ සංස්කරණයත් එක්කම බිටු 32 ප්‍රොසෙසර් භාවිතය සහ මුලින්ම ගලවලා දාලා වගේ. මොකද server 8 වැඩ කරන්නේ 64බිට් ප්‍රොසෙසර්වල විතරයි. ඒ කියන්නේ ඉස්සරහට අපේ පොකට් එකට තට්ටු වෙන්නයි යන්නේ.... :(


තව දෙවල් කියන්න වෙන්නේ ඉස්සරහට, මම තාමත් 64බිට් ප්‍රොසෙසර් එකක් හොයනවා දා ගන්න. හික්ස්.....  පහල තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවනි. දැනට ඒ සදහා උවමනා වෙන්නේ hotmail account එකක් විතරයි. torrent හරි වෙන වෙන වෙබ් අඩවි වලින් ඩවුන්ලෝඩ් කරන්න එපා. මොකද සමහර වෙලාවට ගොඩක් අය වෙනස්කම් කරපු කොපියක් හම්බවුනොත් ඔයාලට හරියටම තියෙන වැරදි (bug) හොයාගන්න බැරි වේවි.

server 8 මෙතනින් ගන්න.

install කරන විදිය මෙතන තියෙනවා පහල වීඩියෝව බලන්න..



Sunday, February 19, 2012

සී පැනල්

හ්ම්ම්ම්ම්ම්....... හුග දවසකින්.... මට ලියන්න හිතුනා මම නිතරම භාවිතා කරන, ඔයාලත් දන්න දෙයක් ගැන. හැබයි බොහෝ දෙනා මෙය හදුන්වන්නේ වෙබ් ස්පේස් (web space) කියලා. මේ සී පැනල් CPanel කියන්නෙත් ඒකම තමයි. මෙහි ඔයලා නොදකින පැත්තක් මම කියලා දෙන්නම්. virtual servers, mail servers වැඩ කරන අයට මේක ගොඩාක් වැදගත් වේවී.

ඕනම කෙනෙකුට තමන්ගේම වෙබ් අඩවියක් පවත්වාගෙන යෑමට තමන්ටම කියලා ඉඩක් අවශය වෙනවා. ගොඩාක් දෙනා වෙබ් අඩවිය කාට හරි කියලා හෝ තමන්ම අප්ලෝඩ් කරගන්නවා. නමුත් ඔබ ලබා ගන්නා ඉඩකඩින් ඔබට බොහෝ දේ කල හැකියි. ඔබේම කියලා ඊමේල් ගිනුම්, FTP ගිනුම්, sql database, වෙනත් අයගේ වෙබ් අඩවි පවා ඔබගේ පැනල්යේ ස්ථාපනය කල හැක.

සී පැනලයක හැඩය මෙන්න මේ වගේ.......



සී පැනලය ගැනත් එය භාවිතය ගැනත් වෙන් වෙන් වශයෙන් මම ඔයාලට ඉදිරියේදී තවත් ලිපි මගින් පුන්චි help එකක් දෙන්නම්...

Monday, December 26, 2011

█ ♥ █ ♥ █ ආදර කතාවක් █ ♥ █ ♥ █

මම විවාහ උන දවසේ මම මගේ බිරිදව මගේ අත් දෙකෙන් ඔසවාගෙනයි අපේ නිවසට ආවේ. අපේ මංගල රථය අපේ නිවස ඉදිරියේ නතර කලාට පස්සේ මගේ යහලුවන් ගේ බල කිරීමට නිවස දක්වා ඇයව අත් දෙකෙන් ඔසවාගෙන යන්න සිද්ධ උනා.ඒ දවස් වල ඇය ගොඩක් ලස්සනයි ඒ වගේම ගොඩක් ලැජ්ජයි.

ඒ වසර 10කට පෙර අතීතේ. අපි දෙන්නාගේ විවාහ ජීවිතේ මුල් අවදිය පිරිසිදු වතුර වීදුරුවක් වගේ බොහෝම ලස්සනවත් නිස්කලංකවත් ගෙවිලා ගියා. අපිට ලස්සන පුතෙක් ලැබුනා,මම රැකියාව අත් හැරලා මගේම ව්‍යාපාරයක් ආරම්භ කලා.ව්‍යාපාරය දියුණු වුනා. මගේ අතේ යහමින් මුදල් ගැවසුනා.මගේ බිරිද සේවය කලේ රජයේ ආයතනයක,අපි දෙන්නා හැමදාම උදේ එකටයි රැකියාවට පිටත් වුනේ. අපේ එකම පුතා අධ්‍යාපනය ලැබුවේ නගරයේ හොද පාසලක නේවාසිකව.පිටත ඉදන් බලන කෙනෙකුට පෙනුනේ අපි දෙන්නා ගොඩක් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා වගේ. ඒත් අපි දෙන්නා අතර බැදීම ටික ටික අඩු වෙන බවක් මට තේරුණා.

ඈන් මගේ ජීවිතේට ආවේ මේ දවස් වල..

ඒ පැහැබර කාලගුණයක් තිබුන දවසක්. මම හිටියේ සදළුතලයට වෙලා.මේ මම ඈන් වෙනුවෙන් මිලදී ගත් තට්ටු නිවාසය....මගේ පිටුපසින් පැමිනි ඈන් මාව වැලදගත්‍තා.අපි දෙන්නා මුන ගැසුනාම ඇය මට ලබා දෙන මහත් වූ ආදරයට සහ ඇගේ ලස්සන සිරුරට මම මේ වෙනකොට වශී වෙලා හිටියේ. මම මගේ බිරිදට කරන්නේ ලොකු වරදක් බව මට තේරුනත් එය නවත්වන්න මට හැකියාවක් තිබුනේ නෑ.මේ වෙනකොට මගේ බිරිදගෙන් දික්කසාදය ලබා ගන්න බව. මම තීරණය කරලා ඉවරයි.කාලයකට ඉහත මම හිතන්නවත් කැමති වුනේ නැති 'දික්කසාදය' කියන දේ දැන් මට පෙනුනේ මගේ වර්තමාන ජීවිතෙන් මාව ගලවලා ඈන් මගේ ලගට ගේන මගේ ගැලවුම්කාරයෙක් වගේ.

නමුත් මට ලොකු ප්‍රශ්ණයක් තිබුනා. ඒ වෙන කිසිවක් නෙවේ මේ දේ මගේ බිරිදට දැනුම් දෙන්නේ කොහොමද කියලා.කොච්චර මෘදු විදියට මේ දේ මම බිරිදට කිව්වත් එයා ඒකෙන් ගොඩක් සිත් වේදනාවට පත් වෙන බව මම දැනගෙන හිටියා.අවංකවම කිව්වොත් ඇය පිරිමියෙකුට ලබන්න පුලුවන් ඉතාම හොද බිරිදක්.උදේ පාන්දර මම නිදාගෙන ඉන්නකොට ඇය තනියම උදේ ආහාරය සකසනවා, හැමදාම හවස වැඩ අවසන් කරලා ගෙදර ඇවිත් මම රූපවාහිනිය ඉස්සරහට වෙලා ඉන්නකොට ඇය රාත්‍රී ආහාරය සකසනවා, ඇය කවදාවත් අනවශ්‍ය දේට මුදල් වියදම් කලේ නෑ,හැමදෙයක්ම කරන්න කලින් මගේ මතය විමසන්නට ඇය පුරුදු වී සිටියා,අපේ පුතාගේ කටයුතු ගැන ගොඩක් සොයලා බැලුවේ ඇයයි.අවංකවම බිරිදක් වශයෙන් මට ඇගේ කිසිම අඩුපාඩුවක් පෙනුනේ නෑ.

දවසක් මම උදේ ආහරය ගන්න මොහොතේ විහිලුවට වගේ ඇගෙන් ඇහුවා"හිතන්න අපි දික්කසාද වෙනවා කියලා...ඔයා මොකද ඊට පස්සේ කරන්නේ?" කියලා.
ඇය පිලිතුරක් දුන්නේ නෑ,කෑම කන එකත් නවත්තලා මගේ දිහා තත්පර කීපයක් බලාගෙන හිටියා. දික්කසාදය කියන දේ ගැන ඇගේ සිතේ අහලකවත් නැති බව මම එයින් තේරුම් ගත්තා

ඊට පස්සේ දවසක බිරිද මගේ කාර්යාලයට ආවා. ඒ වෙනකොට ඈන් කාර්යාලයේ හිටියේ නෑ. මගේ සේවකයෝ ඇය දිහා බැලුවේ අනුකම්පා සහගතව,ඔවුන් ඇයත් සමග කතා කිරීමේදී යමක් ඇගෙන් වසන් කරන්න උත්සාහ දරන බව පෙනුනා. මේ වෙනකොට කාර්යාලයේ සියලුම සේවකයෝ මගෙත් ඈන්ගෙත් සම්බන්ධය ගැන දැනගෙනයි හිටියේ.මම හිතන්නේ සේවකයන්ගේ හැසිරීමෙන් ඇයට යම් ඉගියක් ලැබෙන්න ඇති. ඇය ඔවුන් සමග හිනා වෙලා කතාකලත් ඇගේ දෑස් වල ලොකු වේදනාවක් ඇති බව මම දුටුවා.

එදින සවස ඈන් කාර් යාලයට ආවා.

"ඔයා බෙකීගෙන් දික්කසාද වෙන්න ඉක්මනට.ඊට පස්සේ අපි දෙන්නට එකට ජීවත් වෙන්න පුලුවනි" ඇය දෑස් අඩවන් කරලා කිව්වා.

මම ඔලුව වැනුවා,තවදුරටත් පමා වීමෙන් පලක් නෑ කියලා මට හිතුනා.එදා රාත්‍රී ආහාර වේල ඉවර වෙලා බිරිද නැගිටින්න යනකොට මම හිතට ධෛර්ය අරගෙන කතාව පටන් ගත්තා.

"බෙකී පොඩ්ඩක් ඉන්න,මට ටිකක් කතා කරන්න ඕනි ඔයා එක්ක"

ඇය යලිත් වාඩි වෙලා මේසය දිහා බලාගෙන හිටියා.මම ආයෙත් දැක්කා ඇගේ දෑස් වල සැගවිලා තියන වේදනාව..මට කතා කරගන්න බැරි උනා,උගුරේ යමක් හිරවෙලා තියනවා වගේ තේරුනා.
ඒත් මම ඇයට කියන්න ඕනෙ මට ඇගෙන් දික්කසාද වෙන්න අවශ්‍ය බව..මම හෙමින් හෙමින් මගේ ඉල්ලීම ඇයට ඉදිරිපත් කලා,නමුත් ඇය ඒ වචන වලට ගොඩක් සැලුන ආකාරයක් පෙනුනේ නෑ.අවසානයේ ඇය ඇහුවේ එකම එක ප්‍රශ්ණයක් විතරයි,

"ඇයි"

මට දෙන්න උත්තරයක් නැති ප්‍රශ්ණයත් එයයි. මම ඒ ප්‍රශ්ණෙට උත්තරයක් නොදී මග හැරියා.

"ඔයා මිනිහෙක් නෙවේ" ඇය ඇගේ කෝපය පිට කලේ එහෙම.

ඊට පස්සේ එදා රෑ අපි දෙන්නා වචනයක්වත් කතා කලේ නෑ. රාත්‍රිය පුරාම ඇය ඉකිබිදින ශබ්දය මට ඇහුනා.අපේ විවාහ ජීවිතේ දෙදරා යන්න හේතුව දැන ගන්න ඇයට අවශ්‍ය බව මට තේරුනත් ඒ සදහා දිය යුතු පිලිතුරක් මගේ සතුව තිබුනේ නෑ.එකම හේතුව ඈන්,ඇගේ ලස්සන සිරුරටත් ඇය මට ලබා දෙන ආදරයටත් මම වශී වෙලා,නමුත් මට ඒ බව බෙකී සමග පැවසීමේ හැකියාවක් නෑ.

ඊට පහුවදා මම අපේ දික්කසාද කොන්දේසි ලියවිල්ල සකස් කලා. අපි ජීවත් වන නිවස, අපේ මෝටර් රථය සහ මගේ ව්‍යාපාරයෙන් 30%ක් මම එයින් ඇයට පැවරුවා. මම ඒක ඉදිරිපත් කලාම ඒ දෙසවත් නොබලා එය කෑලි කෑලි වලට ඉරා දැමූ ඇය යලිත් ඉකිගසමින් වැලපුනා. මගේ හිතට යලිත් වරදකාරී හැගීමක් දැනුනා.ඇය කවදාවත් මිල මුදල් වලට ආශා කල කාන්තාවක් නොවේ.

පහුවදා මම වැඩ අවසන් වෙලා එනකොට ප්‍රමාද වුනේ මගේ ගනුදෙනුකරුවන් සමග පැවති සාදයක් හේතුවෙන්. මම එනකොටත් ඇය අවදියෙන්.මගේ ලගට පැමිනි ඇය යම් ලියැවිල්ලක් මට ලබා දුන්නා.ඒ ඇගේ දික්කසාද කොන්දේසි.
ඇයට මගෙන් කිසිවක් අවශ්‍ය නෑ. නමුත් ඇයට දික්කසාදයට මසක කාලයක් අවශ්‍ය බව එහි සටහන් වුනා. ඒ මසක කාලය අපි කලින් හිටියා වගේම සාමාන්‍ය විදියට ජීවත් වෙන්න ඕනෙ.ඇය හේතුව ලෙස දක්වා තිබුනේ අපේ පුතා. ඔහු මේ දවස් වල පාසල් නිවාඩුව සදහා නිවසට පැමින සිටින අතර තව මාසයක් ඔහු නිවසේ සිටිනවා. ඒ මාසය ඇතුලත තම දෙමව්පියන් වෙන් වනවා ඔහුට පෙන්වීමට අවශ්‍ය නොවන බව ඇය දන්වා සිටියා.

මම කොන්දේසි පත්‍රය දිහා බලන් ඉන්නකොට ඇය කතා කලා

"ජැක්...ඔයාට මතකද අපි බැදපු දවසේ ගෙදරට ආපු විදිය?"

මේ ප්‍රශ්ණයෙන් මගේ මතකය තවමත් සුන්දර මතකයක් විදියට මගේ හිතේ තැන්පත් වෙලා තියන අපේ විවාහ දවසට ඇදිලා ගියා.

"හ්ම්ම්...ඔව් මතකයි"මම කිව්වා.

"ඔයා එදා මාව අත් දෙකෙන් ඔසවාගෙනයි ආවේ" ඇය දිගටම කතා කලා.

"මගේ ඉල්ලීමක් තියනවා...අපි දික්කසාද වෙන දවසෙත් ඔයා මාව නිදන කාමරේ ඉදලා ගෙදරින් එලියට අත් දෙකෙන් ඔසවාගෙන යන්න ඕනෙ,හරියට අපේ මංගල දවසේ වගේ...අද ඉදලා අපි දික්කසාද වෙන දවස දක්වා තියන මාසේ ඇතුලතත් හැමදාම ඔයා මාව නිදන කාමරේ ඉදලා ගෙදරින් එලියට අත් දෙකෙන් ඔසවාගෙන යන්න ඕනෙ"

"හා..." මම හිනා වෙලා ඇගේ අහිංසක ඉල්ලීමට එකග වුනා.

පහුවදා ඈන් හමුවුන වෙලාවේ බෙකීගේ ඉල්ලීම මම ඇයට පැවසුවා. මහ හඩින් සිනා සුන ඇය පැවසුවේ එය මහ මෝඩ ඉල්ලීමක් බවයි.

"එයා මොන මොන සෙල්ලම් දැම්මත් මාසෙකට පස්සේ එයාට දික්කසාද වෙන්න වෙයි"ඇය සමච්චල් සහගත ලෙස පැවසුවා.

දික්කසාදය පිලිබද බෙකීට දැනුම් දුන්න දවසේ ඉදලා අපි දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් තිබුනේ නෑ,අපි ජීවත් වුනේ ආගන්තුකයෝ දෙන්නෙක් වගේ. ඒ නිසා පලවෙනි දවසේ මම ඇයව අත් දෙකෙන් ඔසවාගෙන යනකොට අපි දෙන්නාව පෙනුනේ බොහෝම අවලක්‍ෂණව,අපි දෙන්නම ගොඩක් අපහසුවෙන් ඒ අවස්ථාවට මුහුන දුන්නේ.

"මෙන්න තාත්තා අම්මාව උස්සගෙන යනවා..." අපේ පුතා අපිව දැකලා සතුටෙනුත් පුදුමෙනුත් අත්පොලසන් දෙමින් කෑ ගැසුවා.

ඒ වචන වලින් මට දැනුනේ ලොකු වේදනාවක්.

"අපි අද ඉදලා පටන් ගමු...මේ ගැන පුතාට දැන ගන්න දෙන්න එපා" නිවසින් එලියට ආ පසු ඇය සෙමින් පැවසුවා.මම ඔලුව සොලවා ඇයට එකග වුනා.

දෙවෙනි දවසේ පලවෙනි දවසට වඩා පහසුවෙන් අපි දෙන්නම හැසිරුනා. ඇය මගේ පපුවට බර වුනා. අපි දෙන්නා ගොඩක් ළං වුන නිසා මට ඇගේ විලවුන් වල සුවද දැනුනා.මට මතක් වුනා මට ගොඩක් ලෙන්ගතුව සිටි මේ කාන්තාව ගැන මම දිගු කාලෙකින් හරියට සොයා බැලුවේ නැති බව....ඇගේ මුහුනේ පැහැදිලි ලෙස රැලි දක්නට ලැබුනා,ඇය පෙර මෙන් තරුණ නැති බව මට වැටහුනා.

තුන් වෙනි දවසේ ඇයව ඔසවාගෙන යනකොට ඇය මගේ කනට කරලා මෙහෙම කිව්වා,
"ඊයේ වැස්සට මිදුල මඩ වෙලා...පරිස්සමින් යන්න"

හතරවෙනි දවසේ මම ඇයව ඔසවා ගන්නකොට මට දැනුනේ අපි දෙන්නා තවම කලින් ආදරෙන් හිටිය පෙම්වතුන් යුවලමයි කියලා. ඈන් පිලිබදව මගේ තිබුන මතකය ටිකක් විතර අපැහැදිලි වෙලා බවත් මට වැටහුනා.

පස්වෙනි සහ හයවෙනි දවස් වලත් මම ඇයව ඔසවාගෙන එනකොට ඇය මගේ කනට කරලා යම් යම් දේවල් පැවසුවා, සෝදලා මැදපු මගේ ඇදුම් තියලා තියන තැන්,උයනකොට ප්‍රවේශම් වෙන්න වගේ පොඩි පොඩි දේවල්.
මට දැනුනා මේ වෙනකොට අපි දෙන්නාගේ බැදීම තවත් වැඩි වෙලා තියන බව.මම ඈන්ට ඒ බව කිව්වේ නෑ.

දවසින් දවස මට තේරුණා ඇයව ඔසවාගෙන යාම වඩ වඩා පහසු වන බව,මට හිතුනේ දවසින් දවස මම ශක්තිමත් වෙනවා කියලා. දවසක් උදේ ලෑස්ති වෙනකොට මම මේ බව බෙකීට කිව්වා,ඒ වෙනකොට ඇය අදින්න ඇදුමක් තෝරනවා.ඇය සූදානම් වෙනකන් මම බලාගෙන හිටියේ ඇයව ඔසවාගෙන යන්න..,

"බලන්නකෝ මේ හැම ඇදුමක්ම දැන් මට ලොකුයිනේ" ඇය කනස්සල්ලෙන් පැවසුවා.මම එයට සිනා සුනත් මට තේරුනා දවසින් දවස ඇයව ඔසවාගෙන යෑම පහසු වෙන්නේ දවසින් දවස ඇය කෙට්ටු වන නිසා මිසක් මම ශක්තිමත් වන නිසා නොවන බව..ඇය ඇගේ වේදනාවන් සියල්ල හදවතේ සිරකරගෙන සිටින බව මට වැටහුනා.මට ඇය ගැන දැනුනේ ලොකු වේදනාවක්.මටත් නොදැනුවත්වම මම ඇගේ හිස අත ගෑවා.මේ වෙලාවේ අපේ පුතා කාමරේට පැමිනියා

"තාත්තේ අම්මව ඔසවගෙන යන්න වෙලාව හරි" ඔහු කෑ ගැසුවා.

මම බෙකීව ඔසවගෙන යනවා නැරඹීම දැන් ඔහුගේ ජීවිතේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා. තමන්ගේ ලගට එන්න කියලා පුතාට ඉගි කරපු ඇය පුතාව තදින් බදා ගත්තා.මම හිස හරව ගත්තේ මගේ දෑසට නැගුන කදුලු ඇය දකීවි කියලා.දික්කසාදය පිලිබද මගේ තීරණය වෙනස් වේවි කියලා මට බය හිතුනා.මම ඇයව ඔසවා ගත්තා,ඇය අතක් මගේ ගෙල වටා දැම්මා,මම ඇයව මගේ ඇගට තද කර ගත්තා,හරියටම අපේ විවාහ දිනයේදී වගේ.

දවසි දවස ගෙවිලා ගිහින් අවසන් දිනය උදා වුනා. මම ඇයව ඔසවා ගත්තත් මට ඉදිරියට යන්න අපහසු බව තේරුනා. අපේ පුතා මේ වෙලාවේ පාසල් ගිහින් තිබුනේ.

"මම හිතුවා අපි මහලු වෙනකන්ම ඔයා මාව එදා වගේ ඔසවාගෙන යාවි කියලා" ඇය හෙමින් කිව්වා,ඇගේ දෑස් වල කදුලු පිරිලා.

"අපි දෙන්නම තේරුම් ගත්තේ නෑ අපි දෙන්නගේ ජීවිත වලට ඒ වගේ බැදීමක් අවශ්‍ය බව" මම ඇයව මගේ සිරුරට තද කර ගන්න ගමන් කිව්වා.

මට වැටහුනා මම කල යුතු දේ.මම වේගයෙන් මෝටර් රථය පදවගෙන කෙලින්ම ගියේ කාර්යාලයට, මෝටර් රථයෙන් බැස්ස මම ගියේ ඈන් ලගට.

"මම දික්කසාද වෙන්නේ නෑ..." මම ඇයට කිව්වා.ඇය සිතුවේ මම විහිලුවක් කරනවා කියලා,ඇය සිනා සුනා.

"මම මේ කියන්නේ ඇත්ත...මම දික්කසාද වෙන්නේ නෑ"

ඇය මගේ දිහා පුදුම වෙලා බැලුවා.
"ඔයාට උන හැදිලාද?" ඇය මගේ නලලට අත තියන ගමන් කිව්වා.

"මට සමාවෙන්න ඈන්... මම බෙකීගෙන් දික්කසාද වෙන්නේ නෑ...මම මේ ඇත්ත කියන්නේ...මගේ විවාහ ජීවිතේ ඒකාකාරී උනේ අපි දෙන්නට දෙන්නා ආදරේ නැති නිසා නෙවේ...අපි දෙන්නා ජීවිතේ කුඩා දේවල් වල තියන අගය තේරුම් ගත්තේ නැති නිසා...මම දැන් තේරුම් අරන් තියෙන්නේ මම ඇයව මංගල දිනයේ ඔසවාගෙන ආපු මොහොතේ ඉදලා,ඇය අපේ දරුවාව බිහි කල මොහොතේ ඉදලා මම මිය යනකන්ම ඇයව ඔසවාගෙන යන්න අවශ්‍ය බව,මට ඒ බව තේරුනේ පහුගිය මාසය පුරාම මම බෙකීව ඔසවාගෙන යනකොට,මට සමාවෙන්න"""

ඈන් හදිසියේ සිහිනයකින් අවදි වුනා වගේ ඇයට සියල්ල වැටහුනා...මගේ කම්මුලට තදින් පහරක් ගැසූ ඇය හඩමින් කාර්යාලයෙන් ඉවතට දිව ගියා.

මම බෙකීට ඇමතුමක් දීලා කිව්වා මම ඇයව හමුවෙන්න එන බව.
ඇය හමු වීමට යන අතරතුර,මල් සාප්පුවකට ගොඩ වැදුනු මම එයින් ඇය කැමතිම වර්ගයේ මල් කළඹක් ඇනවුම් කලා.මල් සාප්පුවේ සිටි ගැහැණු ළමයා මට කිව්වා කාඩ් පතේ මගේ සුභ පැතීම සටහන් කරන්න කියලා.

"මම මිය යන තුරු හැමදාම උදේට ඔයාව ඔසවාගෙන යන්නම්" කියා මම එහි සටහන් කලා.

මෙම ලිපිය කජුවත්ත එක්සත් Cricket සමාජය විසින් උපුටා ගන්න ලද්දකි...... 

Saturday, November 19, 2011

IPv6 ගැන දන්නවාද...... ? දෙවන කොටස

ආ.... යාලුවනේ කොහොමද තතු....ගොඩාක් කාලෙකට කලින් ලියපු ලිපියක ඉතුරුටික ලියන්න හිතුනා. ඇත්තටම ඉස්සර නම් කොච්චර වැඩ වැඩි වුනත් බ්ලොග් එකට ලියන එක නැවත්තුවේ නෑ. ලියන්න තරම්හිතක් තිබ්බේ නෑ. ඔන්න එහෙනම් ආයෙත් වැඩේට බැස්සා.

පලවෙනි ලිපියෙන් මම දන්න හැටියට IPv4, IPv6 ගැනත් එහි වෙනස්කම් භාවිතා වෙන විදියත් දන්න විදියට කියලා දුන්නා. මේ ලිපියෙන් IPv6 ප්‍රායෝගිකව පාවිච්චි කරන විදිය කියලා දෙන්නම්. ඔයාල දන්න මම නොදන්න දෙයක් තිබුනොත් එහම කමා වනු මැනව.....

Ipv6 ලිපිනයක් බි‍ටු 128 ක් ඇති අතර බි‍ටු 16ක කොටස් 8ක් ලෙස භාවිතා කරනවා කියලා ඔයාලා දන්නවනේ. මේ උදාහරනය බලන්න එතකොට තවත් තේරේවී.

3ffe : 3700 : 0200 : 00ff : 0000 : 0000 : 0000 : 0001

මෙලෙස ලියා දැක්වීමෙදී බි‍ටු 128ම් නිරූපණය වන පරිදි බි‍ටු 4ක් බැගින් වන කොටස් සලකා hexadecimal අංකනයෙන් එලෙස බිටි 4ක් බැගින් නිරූපණය කොට අවසානයේ hexadecimal අංක 32ක් ලෙස ලිපිනය ලියා දක්වනු ලබයි. මෙහි 0200, 00ff, 0000 ආදී අංකවල මුලින් වන 0 නොසලකා පහත් පරිදි ලියා දැක්විය හැක.

3ffe : 3700 : 200 : ff : 0 : 0 : 0 : 1

කෙසේ නමුත් මුලින් වූ 0 සංඛ්‍යා පමණක් නොසලකා ලිවිය හැකි බව සලකන්න. 3700 වන කොටස 37 ලෙස ලිවිය නොහැකි බව පැහැදිලි වේ. තවද එක දිගට 0 සංඛ්‍යා ඇති අවස්ථාවකදී (උදා : 0000 : 0000 : 0000) එම 0 වෙනුවට " : : " සලකුණු කොට ලිපිනය තවදුරටත් කෙටි කොට ලියා දැක්විය හැක.

3ffe : 3700 : 200: ff : : 1

එවන් ලිපිනයක් දු‍ටු විට එමගින් කියැවෙන සම්පූර්ණ ලිපිනය නිවැරදිව හදුනාගැනීමට අපි සමත් විය යුතුය. මෙහිදී තවත් කාරණයක් මතකයේ තබා ගත යුතු වේ. එනම් එක් IPv6 ලිපිනයක් තුළ එක පෙළට වන 0 කොටස් 2ක් අඩංගු වන්නේ නම් එම 0 කොටස් දෙකම " : : " ලෙස නිරූපණය කළ නොහැකි බවයි එක් කොටසක් පමණක් කෙටි කොට දැක්විය හැකි බව එයින් අදහස් වේ.

IPv6 ලිපිනයන් අර්ථ දැක්වීමේ දී හා ලිපිනයන් ලබාදීමේ දී සියලුම අංක 0 වූ ලිපිනයට විශේෂ කාර්යයක් හිමි වී තිබේ. එය ලිපිනයක් ලෙස ලබා නොදෙන අතර පරිඝණකයේ ජාලයකට එක් කොට ජලගත කිරීමේදී මුල් සැකසීමේ අවශථාවේ දී එය භාවිත කොට තම IP ලිපිනය ලබා ගැනීම සිදුකරනු ලබයි.

සමහර විටක ඔබ IPv4 හී 127.0.0.1 යන ලිපිනය හදුනනවා ඇති. එය අපි Loop-back address ලෙස හදුන්වන්නෙමු. එලෙසම IPv6 හී Loop-back address ලෙස " : : 1" යන ලිපිනය භාවිත කරනු ලබයි.

IPv6 ලිපිනයක් වර්ග කිහිපයක් අපට හදුනාගත හැක. මේවා uni-cast addresses ලෙස ද හදුන්වා තවදුරටත් වර්ග කළ හැක.

1. Link - Local Address
2. Site - Local Address
3. Mapped IPv4 Addresses
4. Compatible IPv4 Addresses

ඉහත ලිපිනයන් වර්ගීකරනය පිලිබදවත්, ඒවා නිරූපණය වන ආකාරය හා භාවිතය පිළිබදවත් මම තව මාස ගානකින් හරි ලියන්නම්. මොකද මේ තියෙන සීතලට පොඩි ෂොට් එකක් දාලා නිදාගන්නවා ඇරෙන්න වෙන මොනවත්ම හිතෙන්නේ නෑ... මම ගියෝ......

Wednesday, November 9, 2011

මොකද්ද 64bit කියන්නෙ? 64bit වලින් අපිට තියෙන වාසිය මොකද්ද?..


computer එකක cpu එකෙයි north-bridge එකෙයි අතර data transfer වන lane එකෙ width එක bit 64ක් වෙනව සහ bit 64 ක length එකක් ඇති data process කිරිමෙ හැකියවක් කියන එකයි.

ඇයි 64bit computers fast කියන්නෙ?..

අපි ඔක්කොම දන්නවා Computers වල data transfer වෙන්නෙ 10101 විදිහට කියල ...32bit cpu එකක එක් වරකට cpu එකට සෙන්ඩ් කල හකිවන්නෙ 32bit data length එකක් ඇති data පමනයි . එකියන්නෙ ඊට වඩා වැඩි data ප්‍රමානයක් එකවර cpu එක වෙතට send කිරිමෙ හකියවක් නෑ කියන එකයි ..ඒත් 64bit cpu එකකට උපරිම 64bit data length එකක් වෙනකන් data cpu එකට send කල හැකිය..

එකියන්නෙ උදාහරනයකට 32bit cpu එකක data එකක් ගත්තොත් send කරන්න පුලුවන් උපරිම

10101010101010101010101010101010 (32bit)

මෙවනි අගයක් පමනයි..ඒත් අපි හිතමු

1010010101010000010010010010000100100100101001 (46bit)

මෙවනි අගයක් cpu එකට send කරන්නෙ කොහොමද?

1010010101010000010010010010000100100100101001(46b it) =
10100101010100000100100100100001(32bit) + 00100100101001(14bit)

එතකොට මෙම(46bit) data එක 32bit සහ 14bit(46-32) ලෙස කොටස් දෙකකට බෙදා දෙසැරයකට cpu එක වෙත යවන්න සිද්ද වෙනව …ඒත් අපි 64bit cpu එකක් සහ OS එකක් තියෙන computer එකක් ගත්තොත් එකට මෙම (46bit) data එක එක පාරින් cpu එක වෙත යවන්න පුලුවන් එතකොට ඔබට පෙනෙවි මෙ වගෙ අවස්තාවක 64bit computer එකක් 32bit computer එකකට වඩා දෙගුනයක් fast කියලා




64bit OS එකක් තිබිය යුත්තෙ ඇයි?..

64bit support cpu එකක් තිබ්බට වැඩක් නැ 64bit OS එකක් තිබ්බෙ නැත්නම් ...මොකද OS එකෙන් තම්යි අපි computer එකට ලබා දෙන හැම instruction එකක් ම machine code බවට පත් කරන්නෙ (එ කියන්නෙ “1” “0” වලට හර්ඩ්වරෙ උපාන්ග වලට තෙර්න්නෙ “1”සහ”0”(ඔන් අන්ඩ් ඔෆ්ෆ්) පමනයී..)

එත කොට 64bit OS එකක් නම් උපරිම length එක 64bit වන ලෙස data එකක් machine code බවට පත් කිරිමෙ හැකියවක් තියෙනව..නමුත් 32bit ඔස් එකක් නම් උපරිම 32bit වන ලෙස තම්යි convert කරන්නෙ.

Graphics කරන අය 64bit පාවිච්චි කල යුත්තේ ඇයි?..

Graphics කරන අය හුගාක් colours වර්ග use කරනව ..එම නිස එ අයට 64bit colours ඉතා වෙගයෙන් හ නිවැරදි ව process කිරිමෙ හැකියවක් තියෙනව ..64bit පවිච්චි කිරිමෙන් ඇතිවන වාසි කිහිපයක් මෙන්න
colour correction එක ඉතා නිවරදි,
Anti aliasing හැකියාව වැඩි,
Resolution වැඩි images handle කිරිමෙ හැකියාව වැඩි..

64bit computer වලට ඉතා විශාල RAM දාරිතාවක් අවශ්ය ඇයි?

64bit computer වල තියෙන එකම අවාසිය වනෙ මෙයයි එනම් 32bit computer වලට වඩා RAM මතකය අවශ්ය වීම..මොකද 64bit වලදි allocate කරන data length එක 32bit වල data length එකට වඩා වැඩි නිසා…

32bit OS වල 4GB වලට වඩා RAM මතකය හදුනා නොගන්නෙ ඇයි?

32bit computer වලට හැකියාවක් අත්තේ 2^32 පමන memory addresses හදන්න පමනයි..එකියන්නෙ 4GB (2^32=4 x1024 x1024) ..එතනින් එහාට memory එක use කරන්න 32bit computer එකකට බෑ…
නමුත් 64bit computer එකක 2^64 පමන memory addresses හදන්න පුලුවන් එ කියන්නෙ 17.2billon GB(2^64= 17.2billion)..
දැන් ඔගොල්ලොන්ට තෙරෙනවා අති 32bit OS වල RAM එක 4GB වලට වඩා අඩු අගයක් පෙන්නනෙ ඇයි කියල..

නමුත් 64bit computers 32bit computers එක්ක බලනවිට දෙගුනයක් වේගව්ත් වන්නෙ නැත..එයට හෙතුන් කිපයක්
• ඉතා විශාල RAM මතකයක් handle කිරිමට සිදුවන නිසා..
• ඉතා විශාල cache memory එකක් use කරන නිසා..


~~~~~~ Email පණිවිඩයක් මගින් උපුටා ගන්නා ලද්දකි ~~~~~~