Tuesday, February 16, 2010

IPv6 ගැන දන්නවාද...... ?

බි‍ටු 32 කින් යුත් IPv4 ලිපිනයන් භාවිතා කිරීමෙන් ඔබ්බට ගොස් නව IPv6 ලිපින භාවිත කිරීමේ කාලය දැන් එළබී ඇත. වඩාත් වැඩි පරිඝණක හා වෙනස් උපාංග සංඛ්‍යාවක් ජාල සදහා එක් කිරීමේ අවශ්‍යතාවක් කුඩා Global Routing Table භාවිතා කිරීමේ හැකියාවක් හා අනවශ්‍ය IPv4 විශේෂාංග එක් කිරීමත් IPv4 ගෙන් IPv6 වෙත යෑමට බලපාන ලද කරුණු ලෙස හදුන්වන්න පුලුවන්.

විශේෂයෙන්ම IPv4 ලිපින අවශ්‍ය තරම් නොපැවතීම (මේ වන විට අවසාන IPv4 ලිපින කිහිපය නිකුත් වෙමින් පවතී) ප්‍රධාන වශයෙන්ම මේ සදහා බලපෑ කරුණක් ලෙස හදුනාගත හැක. NAT භාවිතා කොට මෙය කල හැකි වුවත් එය එතරම් සාර්ථක නොවන නිසා බි‍ටු 128 (128 bit) කින් යුත් ලිපින ලබා දීමට එනම් IPv6 ලිපින ලබා දීමට 1994 දී Toronto IETF හීදී මුල්වරට නිකුත් කරණ ලදි.

එලෙස එළිදක්වන ලද IPv6 ලිපිනයන් හෝ විශේෂත්වයක් ලෙස පෙර කී පරිදි බි‍ටු 128 කින් දිගු ලිපිනයක් වීම (සාමන්‍යයෙන් බි‍ටු 64ක් Network කොටසටද බි‍ටු 64ක් host කොටසටද ලෙස වෙන් කර ගනු ලැබේ.) එක් Host පරිඝණකයක් සදහා IP ලිපින කිහිපයක් ලබා දීමේ හැකියාව Classless Inter Domain Routing (CIDR)අනු ජාල වලට බෙදීමේ හැකියාව ආදිය දැකිය හැක. Network කොටස Network Manager මගින් ද host කොටස MAC ලිපිනය මතද සැකසී තිබීම ද විශේෂත්වයක් ලෙස දැක්විය හැක.

IPv4 ලිපින මෙන්ම Unicast (එක් IP ලිපිනයකට පමනක් දත්ත පැකට්‍ටු සම්ප්‍රේෂණය කිරීම), Multicast (යම්කිසි ලිපිනයකින් කොටසක් සහිත අනු ජාලයක් තුලට පැකට්‍ටු යොමුකරවා අදාළ පරිඝණක සියල්ලටම දත්ත සම්ප්‍රේශණය කිරීම) Anycast (එක් කුමන හෝ පරිඝණකයකට දත්ත සම්ප්‍රේශණය කිරීම. උදා: අනුජාල ලිපිනයන් සලකා එය සහිත ආසන්නම පරිඝණකයට දත්ත සම්ප්‍රේශණය කිරීම) ආදී වශයෙන් වූ ක්‍රමවේද සියල්ලම IPv6 හිදී ද ක්‍රියත්මක කිරිමට හැකියාවක් තිබේ.

කෙසේ නමුත් තම IPv6 හි Broadcast (සියලු දෙනාටම සම්ප්‍රේශණය කිරීම) ක්‍රියාවලියක් නොමැත. මේ ක්‍රියාදාමය Multicast මගින් වඩාත් සාර්ථකව ඉ‍ටු කරනු ලබයි. එමගින් සියලුම බි‍ටු '0' වූ හා '1' වූ ලිපිනද භාවිතා කළ හැක.

සාමාන්‍යයෙන් IPv6 ලිපින බි‍ටු 128 කින් යුක්ත නිසා IPv4 ලිපිනයන්ට වඩා වෙනස් ආකාරයකින් නිරූපණය කරයි. Hexadecimal අංක 4කින් යුත් කොටස් 8ක එකතුවක් ලෙස දක්වයි. නැතහොත් බි‍ටු 16 කොටස් 8ක් ලෙස ලිපිනය දැක්වීම පිළිගත් ක්‍රමයයි. IPv6 පිළිබද තවත් තොරතුරු ඊළග ලිපියෙන් පල කරන්නම්.

කෙසේ වෙතත් දැනට අප අතර ඇති බොහොමයක් පැරණි පරිඝණක IPv4 සදහා නිපදවා නොමැති නිසා ඉදිරි අනාගතයේ විශාල බාධාවක් සිදු වෙන්නට පුලුවනි. කෙසේ වෙතත් දැන් එන සියලු පරිඝණක IPv6 සදහා සකස් කර ඇති නිසා මෙය අනාගතයේදී එතරම් බලපෑමක් සිදු නොවනු ඇත. තව ටික කාලෙකින් IPv4 මෙලොවින් සදහටම සමු ගනු ඇත.

IPv6 හී තවත් බොහෝ කරුණු මාගේ ඉදිරි ලිපි පෙලින් ඔබ තුලට ගෙන ඒමට අදහස් කරනවා. මම කැමතියි ඔබ් දන්න දේත් මේ සමග එකතු කරනවනම්..............

Monday, February 1, 2010

මටත් හිතුනා....

මටත් හිතුනා මම දන්න දෙවල් ඔයාලත් එක්ක බෙදා ගන්න. මොකද පරිඝණක ගැන එක එක්කෙනාගේ අදහස් වෙනස්. ඔන්න ඔයලත් මට මේකට උදවු කරන්න ඕනන හරිද. ඔන්න අද ඉදලා මේ අලුත් වැඩේට මම අත ගැහුවා.