Thursday, March 17, 2011

හිත මිතුරු සුළග...........


හිත මිතුරු සුළග ළග එන වැහි වලාවට කියන්....
අද නොපැමින අන් දිනයක වැසි ‍රැගෙන එන ලෙසින්.....
දිගු කළකින් ඈ මුන ගැසේවී හසගනක් ලෙසින්....
වැසි වැ‍ටුනොත් ඒ සොදුරු මොහොත අදුරු වේ සැනින්....



කස්ටිය බලනවා ඇති මොකද මේ රොබින්ට එක පාරම වුනේ කියලා. ඒ පාර හිතනවා ඇති මේ රොබින් කවුද කියලා. ඔය රොබින් කියන්නේ ඉල්ලගෙන කාලා දාගත්ත නමක්. මේ ගීතය එක්ක බැදිච්ච අතීතයක් තියෙනවා මගේ යලුවෙක්ට. AL කරන කාලේ. පොඩි love සීන් එකක්. මේ සිංදුව ඇහුන වෙලේ මට එක පාරටම මේ සිද්දිය මතක් වුනා.

ඔන්න ඒකාලේ සෙට් එකම නුවර ක්ලාස් යනවා AL ගොඩ දා ගන්න. ඔය කාලේ ඉතින් love මාන්දමනේ. සෙට් එකේ ට්‍රයි එක ඉරිදට ඉක්මනටම ගෙදර පනින එක. ඔය අස්සේ එකෙක් ඉන්නවා දවල්12 ට ක්ලාස් කට් කරලා පනින එකෙක්. ඌ නම් ක්ලාස් කට් කරලා පනින්නේ කලින් ගෙදර යන්න නෙවෙයි. ඌගේ පෙම්බරීව මීට් වෙන්න. අපේ භාෂාවෙන් කිව්වොත් කෑල්ල බලන්න.

නියම වැඩේ කියන්නේ ඔන්න එක දවසක් සෙට් වුනා ක්ලාස් නැති. ඔන්න සෙට් එකම එදා කලින්ම යන්නයි සූදානම. සෙට් එකම ආවා ගුඩ්ෂෙඩ් එකට. ඒ කියන්නේ නුවර බස් ස්ටෑන්ඩ් එකට. ආ... කියන්න අමතක වුනානේ මේ සෙට් එකම නුවර අදින්නේ හැටන් ඉදලා. ඒ කියන්නේ අපේ ස්කූල් එක හැටන් තියෙන නම් දරාපූ පාසලක්. වැඩිය කියන්න ගියොත් බඩුත් එක්කම හොරුත් මාට්‍ටු වෙනවා. කොහොමහරි ඔන්න එදා කලින් ආවට මොකද යන්න බස් නෑ. කොහොම හරි ඔය සෙට් එක පොර කාලා නැග්ගා AC බස් එකකට. ඔය අතරේ අර අනිත් එකා කොයි වෙලෙත් වෙලාව බලනවා. ඌට කෑල්ල බලන්න පරක්කු වෙලා. කට්ටිය හිතයි මම කොහොමද ඔච්චර විස්තර දන්නේ කියලා. මමත් ඉතින් ඒ සැට් එකේ එකෙක් තමයි... හික්... හික්....

දැන් තමයි සිද්දියට එන්නේ.... ඔන්න මමයි, ඔය සිංදුව කියපු එකයි, අර කෑල්ල බලන්න යන එකයි අන්තිම සීට් එකට සෙට් වුනා. ඔය සිංදු කියන එකාගේ නම බද්‍රපාල. අපි ආදරේට කියන්නේ බද්‍රේ කියලා. අපි පුරුද්දකට වගේ ඉතින් හැමදාම සිංදු කවි කරනවා. ඔන්න එදා වැස්සත් එක්ක. ඉන්ටර් සිටි කිව්වට දකින දකින තැන නවත්තනවා. ඒ අතරේ අරූ වෙලාව බලනවා. මොකද උ දුවන්නේ හතර හමාරේ කොච්චියට. ඒකට කියන්නේ කට්ටිය ලව් ට්‍රෙන් කියල. හිතාගන්න පුලුවන්නේ නේද?

කොහොම හරි වටවල හරියට එන කොට train එක යනවා. ඒක මිස් වුනොත් බඩුම තමා. දෙකම මෙහෙම මෙහෙම. ඒ කියන්නේ ලගින් කියන එක.. හික් හික්... ඔන්න ඔය අතරේ අර love සිකා නහයෙන් අඩන අතරේ බද්‍රේ පටන් ගත්තනේ 'හිත මිතුරු සුලග' දැන් ෆුල් ආතල්. අරුගේ මූණ රතු වෙලා, මල පැනලා. ඒ මදිවට වෙලාව බල බලා අපට දෙහි කපනවා. ඔය අතරේ බද්‍රේ repeat වෙනවා. දැන් අරූට හොද ගානට මල පැනලා. කොහොමහරි බස් එකයි, ට්‍රේන් එකයි එකටම වගේ හැටන් එකට ආවා. මූ අපටත් නොකියම දුවපි. ඒ මලේ හොදම හරිය වෙන්න ඇති. ඉතිරි හරිය අහගන්න ඔන ලව් සිකාගෙන්ම තමයි. හැබයි මට අදටත් අර බද්‍රේ සිංදුව කියපු ඇක්ෂන් එක අමතක වෙන්නේ නෑ. තව ඉස්සරහටත් දෙන්නම්කො බද්‍රේගේ වැඩ......

සැ.යු: මෙහි එන සමහර නම් ගම් මනං කල්පිතයි.