Monday, March 22, 2010

ඔබේ පරිඝණකයේ NTLDR is Missing වෙලා තියෙනවද... ?

NTLDR is Missing
Press any key to restart

Boot: Couldn't find NTLDR
Please insert another disk

NTLDR is missing
Press Ctrl Alt Del to Restart


ඔබලටත් මේ NTLDR is Missing කියන ප්‍රශ්නේ ඇවිත් තියෙනවද ?. ගොඩක් වෙලාවට මේක සිදු වෙන්නේ වැඩ කර කර ඉන්න අවස්ථාවක පරිඝණකය Restart හෝ Power failure එකක් සිදු වූ විටයි. සමහර ගොඩක් දෙනා එවිට සිදු කරන්නේ පරිඝණකය Format කිරීමයි. එයට හේතුව, ඇතැම් අවශ්ථා වලදී Windows install කිරීමේදී එය Repair කිරීම නො අසා නැවතත් නව මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමට සිදු වීමයී. ඒ තත්වය මේ ආකාරයට විසදා ගන්න පුලුවනි.

1. පලමුව පරිඝණකයේ Biosයට ගොස් එහි Boot Order එක CD-ROM/DVD-ROM එකට වෙනස් කිරීම

2. පසුව පරිඝණකය Restart කර විට එය CD-ROM මගින් Boot වන අතර නව මෙහෙයුම් පද්ධතියක් ස්ථාපන කිරීමට යන විධාන තිරයේ දිස් වෙද්දි, Enter Key එක Press කරන්න.

3. ඉන් පසුව පරිඝණකයට අවශ්‍ය Driver ලබා ගන්නා අතර එය අවසන් වූ විට නව මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීම හෝ දැනට පවතින මෙහෙයුම් පද්ධතිය අලුත් වැඩියා කිරීම යන විධානයන් පෙන්වයි. එවිට මෙහෙයුම් පද්ධතිය අලුත් වැඩියා කිරීම සදහා 'R' Press කරන්න

4. පසුව Windows installation මෙනුවට ඇතුල් වීමට '1' Press කරන්න

5. ඉන් පසුව Administrator Password පාස්වර්ඩ් ඇතුල් කිරීමෙන් පසු Windows Repair මෙනුවට ඇතුල් වීමට හැකිය. එවිට C:\Windows:> ලෙස තිරයේ දිස් වනු ඇත.

6. පසුව ntldr හා ntdetect.com යන සිස්ටම් ෆයිල් දෙක C drive තුලට copy කිරීම පහත ආකාරයට සිදුකල හැක. මුලින්ම ඔබගේ CD-ROMහී Drive letter එක මතක තබා ගත යුතුය.

copy e:\i386\ntldr c:\
copy e:\i386\ntdetect.com c:\

මෙහි e:\ ලෙස දැක්වෙන්නේ CD Drive එකයි

7. මෙම ෆයිල් 2ක නිසියාකාරව copy වීමෙන් පසු CD එක එවත් කර පරිඝණකය restart කරන්න. දැන් මෙම ගැටලුව විසදෙනු ඇත.

වැඩි විස්තර මෙතනින් ගන්න.
http://itavenue.blogspot.com/2010/01/ntldr-is-missing-windows-2000xp.html

13 comments:

  1. හොඳයි මේක කිව්ව එක නැත්නම හැමෝම හාඩ් එකේ පට්ට යනකම් ෆෝමැට් කරනව

    ReplyDelete
  2. හොද අදහසක්! තව ටිකක් විග්‍රහ කලා නම් එල!(මේක අසාර්ථක වුනොත් ඊළග පියවර ගැනත් අදහසක්)

    ReplyDelete
  3. මට නම් ඕක හරි ගියා, ට්‍රයි කරල බලන්න, මම හැමදම කරන්නේ මේකම තමයි. මොකද මම ෆෝමැට් කරන්න කම්මැලියි.... අර යටින්ම දාලා තියෙන ලින්ක් එකේ ගොඩක් විස්තර තියෙනවා.....

    ReplyDelete
  4. ස්තුතිය ඔබට මටත් හැම නිතරෙම වෙන දෙයක් නිසා හොදයි

    ReplyDelete
  5. අපිනම් බ්ලොග් කියවන්නේ ලංකිය සිතුවලි ‍එකෙන් ඔයා එකට ලිපි යන්නේ නැ නේ හුක්

    ReplyDelete
  6. @Nadun - ඇයි ඔයාට අමාරුද?
    @Chinthaka - නියම සටහනක් ස්තූතියි!

    ReplyDelete
  7. Dear Chinthaka
    මමත් මේ ගැනම blog එකක් ලියලිය හිටියේ දැන් draft එකක් විදියට save කරගෙන ඉන්නේ මගේ blog (itbuddhika.blogspot.com) එකේ මම boot.ini ගැටලුවත් ලියපු නිසා මේකත් post කරනවා ලියලා ඉවර වෙලා. ඒ නිසා අමනාප වෙන්න එපා හොදද Please dont misunderstand me.

    ReplyDelete
  8. අයියෝ කිසිම ප්‍රශ්නයක් නෑ

    ReplyDelete
  9. කියවන්න බෑරි සි0හල....

    ReplyDelete
  10. පච පච පච...... ( දැන්ෙන් දැක්ෙක...)

    ReplyDelete
  11. එල කිරි මචං සුභම සුභ පැතුම්....!!

    ReplyDelete
  12. ela machan mama karala balannam.... meka XP walta vitharada adala wenne..

    ReplyDelete
  13. එල එල. එලටම එල..

    ReplyDelete

මම කැමතියි ඔයලගේ අදහස් දැන ගන්න. ඔයාලට හිතෙන දෙයක් ලියන්න. මොකද ඒ දේවල් මට වටිනවා.
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.