Wednesday, May 5, 2010

Photo Printing වලට අලුත් නමක්................


පොටෝ ප්‍රින්ට් ගැන කතා කරද්දී ඕන කෙනෙක් දන්න නමක් තමයි නයින්හාට්ස් කියන්නේ. එකදාස් නවසිය හතලිස් ගනන් වලදී ස්ක්‍රින් ප්‍රින්ට් වලින් පොඩියට පටන්ගෙන, 1990 දී පමන ඇනලොග් ප්‍රින්ටින් වලින් පටන්ගෙන අද වෙනකොට digital ප්‍රින්ටින් වලින් ඉමහත් කීර්තියක් ලබා ගෙන ඇත. ඒ විතරක් නෙවෙයි තවත් බොහෝමයක් ක්‍රියදාමයන් වලට මුල් තැන ගත්තේ නයින්හාට්ස්.

කොහොම වුනත් හැමදාම අලුත් වැඩ කරපු 9H දැන් අලුත් වැඩක් පටන් ගෙන යනවා. තව ටික කාලෙකින් නෙගටිව් (Negative) වෙලා Digital වලට හැරෙන්න කලින් දැන්ම ඒකට මුහුන දෙන්න ක්‍රියාමාර්ග අර ගෙන ඉවරයි. මේකත් ඒ වගේ අලුත් කතාවක්, කොටින්ම අපේ භාෂාවෙන් කිව්වොත් හොද කට්ටක් කනවා මේ ටිකේ. කොළබින් පිට බණ්ඩාරවෙල ඉදගෙනයි කට්ට කන්නේ.

මෙච්චර කාලයක් Noritsu 2900, 3200 ප්‍රින්ටින් මැෂින් වෙනුවට අලුත්ම පොඩ්ඩෙක් හදුන්වාදෙන්න යන්නේ..... නමින් TDS ලෙස හදුන්වන්න පුලුවන්. මිල අතින් ඉතාම අඩු වන අතර quality එක පරන මැෂින් වගේම තමයි. මේ පොඩ්ඩා වැඩ අතින් නම් දක්ෂයි වගේ.

මේ දවස් වල අපේ සෙට් එක නාගෙන මේක ටියුන් කරනවා. කොහොම වුනත් වැඩේ දැන් සාර්ථක වීගෙන එනවා. මම දන්න විදියට මැෂින් එකේ විස්තර මෙහෙමයි.

Model TDS-1868
Descriptions Lighting operational,
Integrated with Cutting,
Print Size
1"-12*18"(305*457mm)
Exposure Engine Professional LDD Exposure system, PANDA LCD
Pixe(2048*1556)
Light Source Matrix LED parallel light
Lens system Digital parallel light
Auto Mix-colors Densitometer
Resolution 520DPI(3R)
Monitor 17 inch LCD(support 1280*1024)
Printing speed 600PCS/hour(4R)
Processing technique RA-4
Paper Supply Double paper magazine, load and rewind automatically
Length of Paper Supply 180 meters
Slot Interplaited Roller
Running Cut- Printing, Single in Single out
Paper Width 89, 102, 127, 152, 203, 254, 305(mm)
Photo Paper General traditional photo paper, laser digital photo paper
Tank Volume CD: 13L; BF: 13L; STB1: 13L; STB2: 13L; STB3: 13L
Chemical replenishment Automatically supplied
Dimensions 2015mm(length)*1180mm(width)*1500mm(height)
Weight 380KG(Without chemical)
Power Max. 4.0KW(220V/50Hz)

මේ මැෂින් එක නිර්මානය කරද්දී මූලිකව අපතේ යාම අවම කිරීමටත් මෙහෙයුම් පද්ධතිය, හා මෘදුකාංග ගැන විශාල සැලකිල්ලක් දක්වා තිබෙනවා. Backup & Restore කිරීම පහසු කර ඇති නිසා ඉතා ඉක්මනින් Recovery කර ගැනීමේ හැකියාව තියෙනවා. කොටින්ම කිව්වොත් Down Time එක අඩුයි. මේ ගැන තව දන්න දේවල් ඉදිරියේදී ලියන්නම්.......

Monday, March 22, 2010

ඔබේ පරිඝණකයේ NTLDR is Missing වෙලා තියෙනවද... ?

NTLDR is Missing
Press any key to restart

Boot: Couldn't find NTLDR
Please insert another disk

NTLDR is missing
Press Ctrl Alt Del to Restart


ඔබලටත් මේ NTLDR is Missing කියන ප්‍රශ්නේ ඇවිත් තියෙනවද ?. ගොඩක් වෙලාවට මේක සිදු වෙන්නේ වැඩ කර කර ඉන්න අවස්ථාවක පරිඝණකය Restart හෝ Power failure එකක් සිදු වූ විටයි. සමහර ගොඩක් දෙනා එවිට සිදු කරන්නේ පරිඝණකය Format කිරීමයි. එයට හේතුව, ඇතැම් අවශ්ථා වලදී Windows install කිරීමේදී එය Repair කිරීම නො අසා නැවතත් නව මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමට සිදු වීමයී. ඒ තත්වය මේ ආකාරයට විසදා ගන්න පුලුවනි.

1. පලමුව පරිඝණකයේ Biosයට ගොස් එහි Boot Order එක CD-ROM/DVD-ROM එකට වෙනස් කිරීම

2. පසුව පරිඝණකය Restart කර විට එය CD-ROM මගින් Boot වන අතර නව මෙහෙයුම් පද්ධතියක් ස්ථාපන කිරීමට යන විධාන තිරයේ දිස් වෙද්දි, Enter Key එක Press කරන්න.

3. ඉන් පසුව පරිඝණකයට අවශ්‍ය Driver ලබා ගන්නා අතර එය අවසන් වූ විට නව මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීම හෝ දැනට පවතින මෙහෙයුම් පද්ධතිය අලුත් වැඩියා කිරීම යන විධානයන් පෙන්වයි. එවිට මෙහෙයුම් පද්ධතිය අලුත් වැඩියා කිරීම සදහා 'R' Press කරන්න

4. පසුව Windows installation මෙනුවට ඇතුල් වීමට '1' Press කරන්න

5. ඉන් පසුව Administrator Password පාස්වර්ඩ් ඇතුල් කිරීමෙන් පසු Windows Repair මෙනුවට ඇතුල් වීමට හැකිය. එවිට C:\Windows:> ලෙස තිරයේ දිස් වනු ඇත.

6. පසුව ntldr හා ntdetect.com යන සිස්ටම් ෆයිල් දෙක C drive තුලට copy කිරීම පහත ආකාරයට සිදුකල හැක. මුලින්ම ඔබගේ CD-ROMහී Drive letter එක මතක තබා ගත යුතුය.

copy e:\i386\ntldr c:\
copy e:\i386\ntdetect.com c:\

මෙහි e:\ ලෙස දැක්වෙන්නේ CD Drive එකයි

7. මෙම ෆයිල් 2ක නිසියාකාරව copy වීමෙන් පසු CD එක එවත් කර පරිඝණකය restart කරන්න. දැන් මෙම ගැටලුව විසදෙනු ඇත.

වැඩි විස්තර මෙතනින් ගන්න.
http://itavenue.blogspot.com/2010/01/ntldr-is-missing-windows-2000xp.html

Wednesday, March 17, 2010

නෙට්වර්ක් නැති වෙලා තියෙනවද..............

මට ටික දවසක් එක දිගටම පොඩි නෙට්වර්ක් අවුලක් ආව. අපි ඉතින් පොඩි තැන් වැඩිය බලන්නේ නෑනේ. Servers වලත් කිසිම ප්‍රශ්නයක් තිබුනේ නෑ. අපේ වැඩ කරන ජනතාව කිව්වේ එයාලට නෙට්වර්ක් නැතුව යනවා, වලට යන්න බෑ කියලා. හොයාගෙන යද්දි වෙලා තියෙන්නේ මෙහෙම දෙයක්.

අපි වයිරස් වලින් බේරෙන්න පාවිච්චි කරන මෘදුකාංගයෙන් ස්පෑම් නතර කරන්න ගිහින් Services වල තියෙන Services stop කරනවා. එතකොට ඒකත් එක්ක එකට වැඩ කරන Services නැවතිලා. බලද්දි මේ එකක්වත් නැවත Start වෙලා නෑ. Service ටික Start කරපු ගමන් මේ ප්‍රශ්නේ විසදුනා. Service වල තියෙන Computer Browser කියන Service එකයි මේ විදියට නවතින්නේ. ඒ Service එක Start කලාම ඒකට link වෙලා තියෙන services නිකන්ම Start වෙනවා. මෙහෙම කලාම computer එක restart නොකර එක දිගටම වැඩ කරගෙන යන්න පුලුවන්......

Tuesday, February 16, 2010

IPv6 ගැන දන්නවාද...... ?

බි‍ටු 32 කින් යුත් IPv4 ලිපිනයන් භාවිතා කිරීමෙන් ඔබ්බට ගොස් නව IPv6 ලිපින භාවිත කිරීමේ කාලය දැන් එළබී ඇත. වඩාත් වැඩි පරිඝණක හා වෙනස් උපාංග සංඛ්‍යාවක් ජාල සදහා එක් කිරීමේ අවශ්‍යතාවක් කුඩා Global Routing Table භාවිතා කිරීමේ හැකියාවක් හා අනවශ්‍ය IPv4 විශේෂාංග එක් කිරීමත් IPv4 ගෙන් IPv6 වෙත යෑමට බලපාන ලද කරුණු ලෙස හදුන්වන්න පුලුවන්.

විශේෂයෙන්ම IPv4 ලිපින අවශ්‍ය තරම් නොපැවතීම (මේ වන විට අවසාන IPv4 ලිපින කිහිපය නිකුත් වෙමින් පවතී) ප්‍රධාන වශයෙන්ම මේ සදහා බලපෑ කරුණක් ලෙස හදුනාගත හැක. NAT භාවිතා කොට මෙය කල හැකි වුවත් එය එතරම් සාර්ථක නොවන නිසා බි‍ටු 128 (128 bit) කින් යුත් ලිපින ලබා දීමට එනම් IPv6 ලිපින ලබා දීමට 1994 දී Toronto IETF හීදී මුල්වරට නිකුත් කරණ ලදි.

එලෙස එළිදක්වන ලද IPv6 ලිපිනයන් හෝ විශේෂත්වයක් ලෙස පෙර කී පරිදි බි‍ටු 128 කින් දිගු ලිපිනයක් වීම (සාමන්‍යයෙන් බි‍ටු 64ක් Network කොටසටද බි‍ටු 64ක් host කොටසටද ලෙස වෙන් කර ගනු ලැබේ.) එක් Host පරිඝණකයක් සදහා IP ලිපින කිහිපයක් ලබා දීමේ හැකියාව Classless Inter Domain Routing (CIDR)අනු ජාල වලට බෙදීමේ හැකියාව ආදිය දැකිය හැක. Network කොටස Network Manager මගින් ද host කොටස MAC ලිපිනය මතද සැකසී තිබීම ද විශේෂත්වයක් ලෙස දැක්විය හැක.

IPv4 ලිපින මෙන්ම Unicast (එක් IP ලිපිනයකට පමනක් දත්ත පැකට්‍ටු සම්ප්‍රේෂණය කිරීම), Multicast (යම්කිසි ලිපිනයකින් කොටසක් සහිත අනු ජාලයක් තුලට පැකට්‍ටු යොමුකරවා අදාළ පරිඝණක සියල්ලටම දත්ත සම්ප්‍රේශණය කිරීම) Anycast (එක් කුමන හෝ පරිඝණකයකට දත්ත සම්ප්‍රේශණය කිරීම. උදා: අනුජාල ලිපිනයන් සලකා එය සහිත ආසන්නම පරිඝණකයට දත්ත සම්ප්‍රේශණය කිරීම) ආදී වශයෙන් වූ ක්‍රමවේද සියල්ලම IPv6 හිදී ද ක්‍රියත්මක කිරිමට හැකියාවක් තිබේ.

කෙසේ නමුත් තම IPv6 හි Broadcast (සියලු දෙනාටම සම්ප්‍රේශණය කිරීම) ක්‍රියාවලියක් නොමැත. මේ ක්‍රියාදාමය Multicast මගින් වඩාත් සාර්ථකව ඉ‍ටු කරනු ලබයි. එමගින් සියලුම බි‍ටු '0' වූ හා '1' වූ ලිපිනද භාවිතා කළ හැක.

සාමාන්‍යයෙන් IPv6 ලිපින බි‍ටු 128 කින් යුක්ත නිසා IPv4 ලිපිනයන්ට වඩා වෙනස් ආකාරයකින් නිරූපණය කරයි. Hexadecimal අංක 4කින් යුත් කොටස් 8ක එකතුවක් ලෙස දක්වයි. නැතහොත් බි‍ටු 16 කොටස් 8ක් ලෙස ලිපිනය දැක්වීම පිළිගත් ක්‍රමයයි. IPv6 පිළිබද තවත් තොරතුරු ඊළග ලිපියෙන් පල කරන්නම්.

කෙසේ වෙතත් දැනට අප අතර ඇති බොහොමයක් පැරණි පරිඝණක IPv4 සදහා නිපදවා නොමැති නිසා ඉදිරි අනාගතයේ විශාල බාධාවක් සිදු වෙන්නට පුලුවනි. කෙසේ වෙතත් දැන් එන සියලු පරිඝණක IPv6 සදහා සකස් කර ඇති නිසා මෙය අනාගතයේදී එතරම් බලපෑමක් සිදු නොවනු ඇත. තව ටික කාලෙකින් IPv4 මෙලොවින් සදහටම සමු ගනු ඇත.

IPv6 හී තවත් බොහෝ කරුණු මාගේ ඉදිරි ලිපි පෙලින් ඔබ තුලට ගෙන ඒමට අදහස් කරනවා. මම කැමතියි ඔබ් දන්න දේත් මේ සමග එකතු කරනවනම්..............

Monday, February 1, 2010

මටත් හිතුනා....

මටත් හිතුනා මම දන්න දෙවල් ඔයාලත් එක්ක බෙදා ගන්න. මොකද පරිඝණක ගැන එක එක්කෙනාගේ අදහස් වෙනස්. ඔන්න ඔයලත් මට මේකට උදවු කරන්න ඕනන හරිද. ඔන්න අද ඉදලා මේ අලුත් වැඩේට මම අත ගැහුවා.