Sunday, October 24, 2010

කැමතිද ? ලිනක්ස් Live USB එකක් හදා ගන්න.....

මුලින්ම කියන්න එපැයි මේ ලිපිය අමුන ගත්තේ ඔපන් සොර්ස් (Open Source) ආර්ටිකල් එකකින්. ඒකටත් හේතුව අපේ අශෝකයාගේ හොර වැඩක්. කොහොම වුනත් ඌ නිසා මට ඔයාලට මේකත් කියලා දෙන්න පුලුවන්. (අශෝක කියන්නේ මගේ පරන ඔපිස් එකේ බොක්කක්)

මුලින්ම කරන්න තියෙන්නේ UNetbootin කියන මෘදුකාංගය බා ගන්න එක. ආය ubuntu, fedora, kubuntu වගේ ලිනක්ස් ඔපරේටින් සිස්ටම් වල image file මේ වැඩේට ඕන. ඔයාලට මේ softwares free ගන්න පුලුවන්.

free software මෙතනින් ගන්න. ubuntu 10.10 32bit, ubuntu 10.10 64bit, UNetbootin

ඔන්න දැන් අපි වැඩේට බහිමු. ඔයාලා මුලින්ම අර උඩ තියෙන file ටික download කර ගන්න. download කර ගත්ත UNetbootin file එක run කරන්න.

හරි, දැන් මම Ubuntu දාන හැටි කියලා දෙන්නම්. මේ run කරපු application එකේ select distribution කියන තන ubuntu කියලා select කරන්න. select version කියන තන ubuntu 10.04_Live කියලා select කරලා, type කියන tab එකේ USB Drive වල Drive letter එක දීලා අපට කෙලින්ම iso file එක download & Install දෙකම කරන්න පුලුවන්. ඒ විදියට මේක කරන්න ගියොත් හෙට එලි වෙයි. ඒකයි මම කලින්ම කිව්වේ iso එක download කර ගන්න කියලා. ඒක කරන්නේ මෙහෙම

ඒ නිසා අපි කෙලින්ම download කර ගත්ත iso එක දාලා වැඩේ කරමු. Disk Image කියන තැන select කරලා ISO ‍තෝරා ගන්න. type කියන තැන USB Drive select කරලා අදාල drive letter එක දෙන්න. දැන් ok කරන්න. පහල රූපය බලන්න.


දැන් ok කලාට පස්සේ පහල තියෙන රූප සටහනේ වගේ යනවා කියන්නේ ඔයාලා වැඩේ සාර්ථකව කරලා තියෙනවා කියන එක. complete වුනාට පස්සේ restart වුනාම pen drive එකෙන් boot කරලා බලන්න.

2 comments:

  1. අඩේ මේක නම් නියමයි . ඕන පාස්වර්ඩ දාපු පරිගණකයකට මේ ක්‍රමයෙන් රිංගන්න පුළුවන් නේද ?

    ප්‍රෂ්නයක් අයියා :- මේ විදිහට උබන්ටුවෙන් ගියාම හර්ඩ් ඩිස්ක් එකට ඇක්සස් කරන්න දෙනවද ?
    මම සමහර උබන්ටු සීඩී වලින් මැසිම බූට් කරපු වෙලාවට හාර්ඩ් ඩිස්ක් පාර්ටිෂන් පෙන්වන්නේ නෑ නේ මේකෙත් එහෙම නැතුව ඇති කියලා මම හිතනවා එහෙමනම් මේ වැඩේ ගින්දර

    (මගේ නම සහිත සහෝ ! ජයවේවා )

    ReplyDelete
  2. එල එල දාලම බලන්න. මම හිතන්නේ 10.04 එකේ වැඩ

    ReplyDelete

මම කැමතියි ඔයලගේ අදහස් දැන ගන්න. ඔයාලට හිතෙන දෙයක් ලියන්න. මොකද ඒ දේවල් මට වටිනවා.
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.