Saturday, November 19, 2011

IPv6 ගැන දන්නවාද...... ? දෙවන කොටස

ආ.... යාලුවනේ කොහොමද තතු....ගොඩාක් කාලෙකට කලින් ලියපු ලිපියක ඉතුරුටික ලියන්න හිතුනා. ඇත්තටම ඉස්සර නම් කොච්චර වැඩ වැඩි වුනත් බ්ලොග් එකට ලියන එක නැවත්තුවේ නෑ. ලියන්න තරම්හිතක් තිබ්බේ නෑ. ඔන්න එහෙනම් ආයෙත් වැඩේට බැස්සා.

පලවෙනි ලිපියෙන් මම දන්න හැටියට IPv4, IPv6 ගැනත් එහි වෙනස්කම් භාවිතා වෙන විදියත් දන්න විදියට කියලා දුන්නා. මේ ලිපියෙන් IPv6 ප්‍රායෝගිකව පාවිච්චි කරන විදිය කියලා දෙන්නම්. ඔයාල දන්න මම නොදන්න දෙයක් තිබුනොත් එහම කමා වනු මැනව.....

Ipv6 ලිපිනයක් බි‍ටු 128 ක් ඇති අතර බි‍ටු 16ක කොටස් 8ක් ලෙස භාවිතා කරනවා කියලා ඔයාලා දන්නවනේ. මේ උදාහරනය බලන්න එතකොට තවත් තේරේවී.

3ffe : 3700 : 0200 : 00ff : 0000 : 0000 : 0000 : 0001

මෙලෙස ලියා දැක්වීමෙදී බි‍ටු 128ම් නිරූපණය වන පරිදි බි‍ටු 4ක් බැගින් වන කොටස් සලකා hexadecimal අංකනයෙන් එලෙස බිටි 4ක් බැගින් නිරූපණය කොට අවසානයේ hexadecimal අංක 32ක් ලෙස ලිපිනය ලියා දක්වනු ලබයි. මෙහි 0200, 00ff, 0000 ආදී අංකවල මුලින් වන 0 නොසලකා පහත් පරිදි ලියා දැක්විය හැක.

3ffe : 3700 : 200 : ff : 0 : 0 : 0 : 1

කෙසේ නමුත් මුලින් වූ 0 සංඛ්‍යා පමණක් නොසලකා ලිවිය හැකි බව සලකන්න. 3700 වන කොටස 37 ලෙස ලිවිය නොහැකි බව පැහැදිලි වේ. තවද එක දිගට 0 සංඛ්‍යා ඇති අවස්ථාවකදී (උදා : 0000 : 0000 : 0000) එම 0 වෙනුවට " : : " සලකුණු කොට ලිපිනය තවදුරටත් කෙටි කොට ලියා දැක්විය හැක.

3ffe : 3700 : 200: ff : : 1

එවන් ලිපිනයක් දු‍ටු විට එමගින් කියැවෙන සම්පූර්ණ ලිපිනය නිවැරදිව හදුනාගැනීමට අපි සමත් විය යුතුය. මෙහිදී තවත් කාරණයක් මතකයේ තබා ගත යුතු වේ. එනම් එක් IPv6 ලිපිනයක් තුළ එක පෙළට වන 0 කොටස් 2ක් අඩංගු වන්නේ නම් එම 0 කොටස් දෙකම " : : " ලෙස නිරූපණය කළ නොහැකි බවයි එක් කොටසක් පමණක් කෙටි කොට දැක්විය හැකි බව එයින් අදහස් වේ.

IPv6 ලිපිනයන් අර්ථ දැක්වීමේ දී හා ලිපිනයන් ලබාදීමේ දී සියලුම අංක 0 වූ ලිපිනයට විශේෂ කාර්යයක් හිමි වී තිබේ. එය ලිපිනයක් ලෙස ලබා නොදෙන අතර පරිඝණකයේ ජාලයකට එක් කොට ජලගත කිරීමේදී මුල් සැකසීමේ අවශථාවේ දී එය භාවිත කොට තම IP ලිපිනය ලබා ගැනීම සිදුකරනු ලබයි.

සමහර විටක ඔබ IPv4 හී 127.0.0.1 යන ලිපිනය හදුනනවා ඇති. එය අපි Loop-back address ලෙස හදුන්වන්නෙමු. එලෙසම IPv6 හී Loop-back address ලෙස " : : 1" යන ලිපිනය භාවිත කරනු ලබයි.

IPv6 ලිපිනයක් වර්ග කිහිපයක් අපට හදුනාගත හැක. මේවා uni-cast addresses ලෙස ද හදුන්වා තවදුරටත් වර්ග කළ හැක.

1. Link - Local Address
2. Site - Local Address
3. Mapped IPv4 Addresses
4. Compatible IPv4 Addresses

ඉහත ලිපිනයන් වර්ගීකරනය පිලිබදවත්, ඒවා නිරූපණය වන ආකාරය හා භාවිතය පිළිබදවත් මම තව මාස ගානකින් හරි ලියන්නම්. මොකද මේ තියෙන සීතලට පොඩි ෂොට් එකක් දාලා නිදාගන්නවා ඇරෙන්න වෙන මොනවත්ම හිතෙන්නේ නෑ... මම ගියෝ......

2 comments:

  1. ඔයාගේ අදහස් වලට ගොඩක් ස්තුතියි.මම ගුරැවරියක්.සිංහලෙන් ළමයින්ට කරැණු පැහැදිලි කරලා දෙන්න ඔයාගේ බ්ලොග් එක ගොඩක් උදවු වෙනවා.

    ReplyDelete
  2. ඔයාලගේ මට දෙන ශක්තිය නිසයි මට මේ වගේ ලියන්න පුලුවන්. හැමෝටම බොහොම ස්තුතියි.

    ReplyDelete

මම කැමතියි ඔයලගේ අදහස් දැන ගන්න. ඔයාලට හිතෙන දෙයක් ලියන්න. මොකද ඒ දේවල් මට වටිනවා.
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.