කාලෙකින් ඔයාලව හමුවෙන්න ආවේ. මගේ යාලුවන්ගෙන් මට ඉස්සර වගේම තව උදව්වක් ඕන. UnixMen කියන්නේ මගේ අලුත් බ්ලොග් පිටුව. මේක මට ඉස්සරහට කරගෙන යන්න ඔයාලගේ උදව් ඕන.
https://unixmen.blogspot.ca/
Friday, February 17, 2017
Thursday, March 15, 2012
Server 8 ආවා.....
ඇගිලි ගැන ගැන බලාගෙන හිටපු server 8 beta ver. නිල වශයෙන් මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් පසුගියදා නිකුත් වූනා.මයික්‍රොසොෆ්ට් ආයතනය කියන විදියට මෙය වේගවත්, බහුකාර්ය (multitenant-aware) සහ විශේෂයෙන්ම cloud පහසුකම් සපයන මෙහෙයුම් පද්ධතියක් ලෙස හදුන්වනවා.
මට හිතෙන විදියට මයික්‍රොසොෆ්ට් විසින් මේ සංස්කරණයත් එක්කම බිටු 32 ප්‍රොසෙසර් භාවිතය සහ මුලින්ම ගලවලා දාලා වගේ. මොකද server 8 වැඩ කරන්නේ 64බිට් ප්‍රොසෙසර්වල විතරයි. ඒ කියන්නේ ඉස්සරහට අපේ පොකට් එකට තට්ටු වෙන්නයි යන්නේ.... :(
තව දෙවල් කියන්න වෙන්නේ ඉස්සරහට, මම තාමත් 64බිට් ප්‍රොසෙසර් එකක් හොයනවා දා ගන්න. හික්ස්..... පහල තියෙන ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවනි. දැනට ඒ සදහා උවමනා වෙන්නේ hotmail account එකක් විතරයි. torrent හරි වෙන වෙන වෙබ් අඩවි වලින් ඩවුන්ලෝඩ් කරන්න එපා. මොකද සමහර වෙලාවට ගොඩක් අය වෙනස්කම් කරපු කොපියක් හම්බවුනොත් ඔයාලට හරියටම තියෙන වැරදි (bug) හොයාගන්න බැරි වේවි.
server 8 මෙතනින් ගන්න.
install කරන විදිය මෙතන තියෙනවා පහල වීඩියෝව බලන්න..
Sunday, February 19, 2012
සී පැනල්
ඕනම කෙනෙකුට තමන්ගේම වෙබ් අඩවියක් පවත්වාගෙන යෑමට තමන්ටම කියලා ඉඩක් අවශය වෙනවා. ගොඩාක් දෙනා වෙබ් අඩවිය කාට හරි කියලා හෝ තමන්ම අප්ලෝඩ් කරගන්නවා. නමුත් ඔබ ලබා ගන්නා ඉඩකඩින් ඔබට බොහෝ දේ කල හැකියි. ඔබේම කියලා ඊමේල් ගිනුම්, FTP ගිනුම්, sql database, වෙනත් අයගේ වෙබ් අඩවි පවා ඔබගේ පැනල්යේ ස්ථාපනය කල හැක.
සී පැනලයක හැඩය මෙන්න මේ වගේ.......

සී පැනලය ගැනත් එය භාවිතය ගැනත් වෙන් වෙන් වශයෙන් මම ඔයාලට ඉදිරියේදී තවත් ලිපි මගින් පුන්චි help එකක් දෙන්නම්...
Monday, December 26, 2011
█ ♥ █ ♥ █ ආදර කතාවක් █ ♥ █ ♥ █
මම විවාහ උන දවසේ මම මගේ බිරිදව මගේ අත් දෙකෙන් ඔසවාගෙනයි අපේ නිවසට ආවේ.
අපේ මංගල රථය අපේ නිවස ඉදිරියේ නතර කලාට පස්සේ මගේ යහලුවන් ගේ බල කිරීමට
නිවස දක්වා ඇයව අත් දෙකෙන් ඔසවාගෙන යන්න සිද්ධ උනා.ඒ දවස් වල ඇය ගොඩක්
ලස්සනයි ඒ වගේම ගොඩක් ලැජ්ජයි.
ඒ වසර 10කට පෙර අතීතේ. අපි දෙන්නාගේ විවාහ ජීවිතේ මුල් අවදිය පිරිසිදු වතුර වීදුරුවක් වගේ බොහෝම ලස්සනවත් නිස්කලංකවත් ගෙවිලා ගියා. අපිට ලස්සන පුතෙක් ලැබුනා,මම රැකියාව අත් හැරලා මගේම ව්‍යාපාරයක් ආරම්භ කලා.ව්‍යාපාරය දියුණු වුනා. මගේ අතේ යහමින් මුදල් ගැවසුනා.මගේ බිරිද සේවය කලේ රජයේ ආයතනයක,අපි දෙන්නා හැමදාම උදේ එකටයි රැකියාවට පිටත් වුනේ. අපේ එකම පුතා අධ්‍යාපනය ලැබුවේ නගරයේ හොද පාසලක නේවාසිකව.පිටත ඉදන් බලන කෙනෙකුට පෙනුනේ අපි දෙන්නා ගොඩක් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා වගේ. ඒත් අපි දෙන්නා අතර බැදීම ටික ටික අඩු වෙන බවක් මට තේරුණා.
ඈන් මගේ ජීවිතේට ආවේ මේ දවස් වල..
ඒ පැහැබර කාලගුණයක් තිබුන දවසක්. මම හිටියේ සදළුතලයට වෙලා.මේ මම ඈන් වෙනුවෙන් මිලදී ගත් තට්ටු නිවාසය....මගේ පිටුපසින් පැමිනි ඈන් මාව වැලදගත්‍තා.අපි දෙන්නා මුන ගැසුනාම ඇය මට ලබා දෙන මහත් වූ ආදරයට සහ ඇගේ ලස්සන සිරුරට මම මේ වෙනකොට වශී වෙලා හිටියේ. මම මගේ බිරිදට කරන්නේ ලොකු වරදක් බව මට තේරුනත් එය නවත්වන්න මට හැකියාවක් තිබුනේ නෑ.මේ වෙනකොට මගේ බිරිදගෙන් දික්කසාදය ලබා ගන්න බව. මම තීරණය කරලා ඉවරයි.කාලයකට ඉහත මම හිතන්නවත් කැමති වුනේ නැති 'දික්කසාදය' කියන දේ දැන් මට පෙනුනේ මගේ වර්තමාන ජීවිතෙන් මාව ගලවලා ඈන් මගේ ලගට ගේන මගේ ගැලවුම්කාරයෙක් වගේ.
නමුත් මට ලොකු ප්‍රශ්ණයක් තිබුනා. ඒ වෙන කිසිවක් නෙවේ මේ දේ මගේ බිරිදට දැනුම් දෙන්නේ කොහොමද කියලා.කොච්චර මෘදු විදියට මේ දේ මම බිරිදට කිව්වත් එයා ඒකෙන් ගොඩක් සිත් වේදනාවට පත් වෙන බව මම දැනගෙන හිටියා.අවංකවම කිව්වොත් ඇය පිරිමියෙකුට ලබන්න පුලුවන් ඉතාම හොද බිරිදක්.උදේ පාන්දර මම නිදාගෙන ඉන්නකොට ඇය තනියම උදේ ආහාරය සකසනවා, හැමදාම හවස වැඩ අවසන් කරලා ගෙදර ඇවිත් මම රූපවාහිනිය ඉස්සරහට වෙලා ඉන්නකොට ඇය රාත්‍රී ආහාරය සකසනවා, ඇය කවදාවත් අනවශ්‍ය දේට මුදල් වියදම් කලේ නෑ,හැමදෙයක්ම කරන්න කලින් මගේ මතය විමසන්නට ඇය පුරුදු වී සිටියා,අපේ පුතාගේ කටයුතු ගැන ගොඩක් සොයලා බැලුවේ ඇයයි.අවංකවම බිරිදක් වශයෙන් මට ඇගේ කිසිම අඩුපාඩුවක් පෙනුනේ නෑ.
දවසක් මම උදේ ආහරය ගන්න මොහොතේ විහිලුවට වගේ ඇගෙන් ඇහුවා"හිතන්න අපි දික්කසාද වෙනවා කියලා...ඔයා මොකද ඊට පස්සේ කරන්නේ?" කියලා.
ඇය පිලිතුරක් දුන්නේ නෑ,කෑම කන එකත් නවත්තලා මගේ දිහා තත්පර කීපයක් බලාගෙන හිටියා. දික්කසාදය කියන දේ ගැන ඇගේ සිතේ අහලකවත් නැති බව මම එයින් තේරුම් ගත්තා
ඊට පස්සේ දවසක බිරිද මගේ කාර්යාලයට ආවා. ඒ වෙනකොට ඈන් කාර්යාලයේ හිටියේ නෑ. මගේ සේවකයෝ ඇය දිහා බැලුවේ අනුකම්පා සහගතව,ඔවුන් ඇයත් සමග කතා කිරීමේදී යමක් ඇගෙන් වසන් කරන්න උත්සාහ දරන බව පෙනුනා. මේ වෙනකොට කාර්යාලයේ සියලුම සේවකයෝ මගෙත් ඈන්ගෙත් සම්බන්ධය ගැන දැනගෙනයි හිටියේ.මම හිතන්නේ සේවකයන්ගේ හැසිරීමෙන් ඇයට යම් ඉගියක් ලැබෙන්න ඇති. ඇය ඔවුන් සමග හිනා වෙලා කතාකලත් ඇගේ දෑස් වල ලොකු වේදනාවක් ඇති බව මම දුටුවා.
එදින සවස ඈන් කාර් යාලයට ආවා.
"ඔයා බෙකීගෙන් දික්කසාද වෙන්න ඉක්මනට.ඊට පස්සේ අපි දෙන්නට එකට ජීවත් වෙන්න පුලුවනි" ඇය දෑස් අඩවන් කරලා කිව්වා.
මම ඔලුව වැනුවා,තවදුරටත් පමා වීමෙන් පලක් නෑ කියලා මට හිතුනා.එදා රාත්‍රී ආහාර වේල ඉවර වෙලා බිරිද නැගිටින්න යනකොට මම හිතට ධෛර්ය අරගෙන කතාව පටන් ගත්තා.
"බෙකී පොඩ්ඩක් ඉන්න,මට ටිකක් කතා කරන්න ඕනි ඔයා එක්ක"
ඇය යලිත් වාඩි වෙලා මේසය දිහා බලාගෙන හිටියා.මම ආයෙත් දැක්කා ඇගේ දෑස් වල සැගවිලා තියන වේදනාව..මට කතා කරගන්න බැරි උනා,උගුරේ යමක් හිරවෙලා තියනවා වගේ තේරුනා.
ඒත් මම ඇයට කියන්න ඕනෙ මට ඇගෙන් දික්කසාද වෙන්න අවශ්‍ය බව..මම හෙමින් හෙමින් මගේ ඉල්ලීම ඇයට ඉදිරිපත් කලා,නමුත් ඇය ඒ වචන වලට ගොඩක් සැලුන ආකාරයක් පෙනුනේ නෑ.අවසානයේ ඇය ඇහුවේ එකම එක ප්‍රශ්ණයක් විතරයි,
"ඇයි"
මට දෙන්න උත්තරයක් නැති ප්‍රශ්ණයත් එයයි. මම ඒ ප්‍රශ්ණෙට උත්තරයක් නොදී මග හැරියා.
"ඔයා මිනිහෙක් නෙවේ" ඇය ඇගේ කෝපය පිට කලේ එහෙම.
ඊට පස්සේ එදා රෑ අපි දෙන්නා වචනයක්වත් කතා කලේ නෑ. රාත්‍රිය පුරාම ඇය ඉකිබිදින ශබ්දය මට ඇහුනා.අපේ විවාහ ජීවිතේ දෙදරා යන්න හේතුව දැන ගන්න ඇයට අවශ්‍ය බව මට තේරුනත් ඒ සදහා දිය යුතු පිලිතුරක් මගේ සතුව තිබුනේ නෑ.එකම හේතුව ඈන්,ඇගේ ලස්සන සිරුරටත් ඇය මට ලබා දෙන ආදරයටත් මම වශී වෙලා,නමුත් මට ඒ බව බෙකී සමග පැවසීමේ හැකියාවක් නෑ.
ඊට පහුවදා මම අපේ දික්කසාද කොන්දේසි ලියවිල්ල සකස් කලා. අපි ජීවත් වන නිවස, අපේ මෝටර් රථය සහ මගේ ව්‍යාපාරයෙන් 30%ක් මම එයින් ඇයට පැවරුවා. මම ඒක ඉදිරිපත් කලාම ඒ දෙසවත් නොබලා එය කෑලි කෑලි වලට ඉරා දැමූ ඇය යලිත් ඉකිගසමින් වැලපුනා. මගේ හිතට යලිත් වරදකාරී හැගීමක් දැනුනා.ඇය කවදාවත් මිල මුදල් වලට ආශා කල කාන්තාවක් නොවේ.
පහුවදා මම වැඩ අවසන් වෙලා එනකොට ප්‍රමාද වුනේ මගේ ගනුදෙනුකරුවන් සමග පැවති සාදයක් හේතුවෙන්. මම එනකොටත් ඇය අවදියෙන්.මගේ ලගට පැමිනි ඇය යම් ලියැවිල්ලක් මට ලබා දුන්නා.ඒ ඇගේ දික්කසාද කොන්දේසි.
ඇයට මගෙන් කිසිවක් අවශ්‍ය නෑ. නමුත් ඇයට දික්කසාදයට මසක කාලයක් අවශ්‍ය බව එහි සටහන් වුනා. ඒ මසක කාලය අපි කලින් හිටියා වගේම සාමාන්‍ය විදියට ජීවත් වෙන්න ඕනෙ.ඇය හේතුව ලෙස දක්වා තිබුනේ අපේ පුතා. ඔහු මේ දවස් වල පාසල් නිවාඩුව සදහා නිවසට පැමින සිටින අතර තව මාසයක් ඔහු නිවසේ සිටිනවා. ඒ මාසය ඇතුලත තම දෙමව්පියන් වෙන් වනවා ඔහුට පෙන්වීමට අවශ්‍ය නොවන බව ඇය දන්වා සිටියා.
මම කොන්දේසි පත්‍රය දිහා බලන් ඉන්නකොට ඇය කතා කලා
"ජැක්...ඔයාට මතකද අපි බැදපු දවසේ ගෙදරට ආපු විදිය?"
මේ ප්‍රශ්ණයෙන් මගේ මතකය තවමත් සුන්දර මතකයක් විදියට මගේ හිතේ තැන්පත් වෙලා තියන අපේ විවාහ දවසට ඇදිලා ගියා.
"හ්ම්ම්...ඔව් මතකයි"මම කිව්වා.
"ඔයා එදා මාව අත් දෙකෙන් ඔසවාගෙනයි ආවේ" ඇය දිගටම කතා කලා.
"මගේ ඉල්ලීමක් තියනවා...අපි දික්කසාද වෙන දවසෙත් ඔයා මාව නිදන කාමරේ ඉදලා ගෙදරින් එලියට අත් දෙකෙන් ඔසවාගෙන යන්න ඕනෙ,හරියට අපේ මංගල දවසේ වගේ...අද ඉදලා අපි දික්කසාද වෙන දවස දක්වා තියන මාසේ ඇතුලතත් හැමදාම ඔයා මාව නිදන කාමරේ ඉදලා ගෙදරින් එලියට අත් දෙකෙන් ඔසවාගෙන යන්න ඕනෙ"
"හා..." මම හිනා වෙලා ඇගේ අහිංසක ඉල්ලීමට එකග වුනා.
පහුවදා ඈන් හමුවුන වෙලාවේ බෙකීගේ ඉල්ලීම මම ඇයට පැවසුවා. මහ හඩින් සිනා සුන ඇය පැවසුවේ එය මහ මෝඩ ඉල්ලීමක් බවයි.
"එයා මොන මොන සෙල්ලම් දැම්මත් මාසෙකට පස්සේ එයාට දික්කසාද වෙන්න වෙයි"ඇය සමච්චල් සහගත ලෙස පැවසුවා.
දික්කසාදය පිලිබද බෙකීට දැනුම් දුන්න දවසේ ඉදලා අපි දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් තිබුනේ නෑ,අපි ජීවත් වුනේ ආගන්තුකයෝ දෙන්නෙක් වගේ. ඒ නිසා පලවෙනි දවසේ මම ඇයව අත් දෙකෙන් ඔසවාගෙන යනකොට අපි දෙන්නාව පෙනුනේ බොහෝම අවලක්‍ෂණව,අපි දෙන්නම ගොඩක් අපහසුවෙන් ඒ අවස්ථාවට මුහුන දුන්නේ.
"මෙන්න තාත්තා අම්මාව උස්සගෙන යනවා..." අපේ පුතා අපිව දැකලා සතුටෙනුත් පුදුමෙනුත් අත්පොලසන් දෙමින් කෑ ගැසුවා.
ඒ වචන වලින් මට දැනුනේ ලොකු වේදනාවක්.
"අපි අද ඉදලා පටන් ගමු...මේ ගැන පුතාට දැන ගන්න දෙන්න එපා" නිවසින් එලියට ආ පසු ඇය සෙමින් පැවසුවා.මම ඔලුව සොලවා ඇයට එකග වුනා.
දෙවෙනි දවසේ පලවෙනි දවසට වඩා පහසුවෙන් අපි දෙන්නම හැසිරුනා. ඇය මගේ පපුවට බර වුනා. අපි දෙන්නා ගොඩක් ළං වුන නිසා මට ඇගේ විලවුන් වල සුවද දැනුනා.මට මතක් වුනා මට ගොඩක් ලෙන්ගතුව සිටි මේ කාන්තාව ගැන මම දිගු කාලෙකින් හරියට සොයා බැලුවේ නැති බව....ඇගේ මුහුනේ පැහැදිලි ලෙස රැලි දක්නට ලැබුනා,ඇය පෙර මෙන් තරුණ නැති බව මට වැටහුනා.
තුන් වෙනි දවසේ ඇයව ඔසවාගෙන යනකොට ඇය මගේ කනට කරලා මෙහෙම කිව්වා,
"ඊයේ වැස්සට මිදුල මඩ වෙලා...පරිස්සමින් යන්න"
හතරවෙනි දවසේ මම ඇයව ඔසවා ගන්නකොට මට දැනුනේ අපි දෙන්නා තවම කලින් ආදරෙන් හිටිය පෙම්වතුන් යුවලමයි කියලා. ඈන් පිලිබදව මගේ තිබුන මතකය ටිකක් විතර අපැහැදිලි වෙලා බවත් මට වැටහුනා.
පස්වෙනි සහ හයවෙනි දවස් වලත් මම ඇයව ඔසවාගෙන එනකොට ඇය මගේ කනට කරලා යම් යම් දේවල් පැවසුවා, සෝදලා මැදපු මගේ ඇදුම් තියලා තියන තැන්,උයනකොට ප්‍රවේශම් වෙන්න වගේ පොඩි පොඩි දේවල්.
මට දැනුනා මේ වෙනකොට අපි දෙන්නාගේ බැදීම තවත් වැඩි වෙලා තියන බව.මම ඈන්ට ඒ බව කිව්වේ නෑ.
දවසින් දවස මට තේරුණා ඇයව ඔසවාගෙන යාම වඩ වඩා පහසු වන බව,මට හිතුනේ දවසින් දවස මම ශක්තිමත් වෙනවා කියලා. දවසක් උදේ ලෑස්ති වෙනකොට මම මේ බව බෙකීට කිව්වා,ඒ වෙනකොට ඇය අදින්න ඇදුමක් තෝරනවා.ඇය සූදානම් වෙනකන් මම බලාගෙන හිටියේ ඇයව ඔසවාගෙන යන්න..,
"බලන්නකෝ මේ හැම ඇදුමක්ම දැන් මට ලොකුයිනේ" ඇය කනස්සල්ලෙන් පැවසුවා.මම එයට සිනා සුනත් මට තේරුනා දවසින් දවස ඇයව ඔසවාගෙන යෑම පහසු වෙන්නේ දවසින් දවස ඇය කෙට්ටු වන නිසා මිසක් මම ශක්තිමත් වන නිසා නොවන බව..ඇය ඇගේ වේදනාවන් සියල්ල හදවතේ සිරකරගෙන සිටින බව මට වැටහුනා.මට ඇය ගැන දැනුනේ ලොකු වේදනාවක්.මටත් නොදැනුවත්වම මම ඇගේ හිස අත ගෑවා.මේ වෙලාවේ අපේ පුතා කාමරේට පැමිනියා
"තාත්තේ අම්මව ඔසවගෙන යන්න වෙලාව හරි" ඔහු කෑ ගැසුවා.
මම බෙකීව ඔසවගෙන යනවා නැරඹීම දැන් ඔහුගේ ජීවිතේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා. තමන්ගේ ලගට එන්න කියලා පුතාට ඉගි කරපු ඇය පුතාව තදින් බදා ගත්තා.මම හිස හරව ගත්තේ මගේ දෑසට නැගුන කදුලු ඇය දකීවි කියලා.දික්කසාදය පිලිබද මගේ තීරණය වෙනස් වේවි කියලා මට බය හිතුනා.මම ඇයව ඔසවා ගත්තා,ඇය අතක් මගේ ගෙල වටා දැම්මා,මම ඇයව මගේ ඇගට තද කර ගත්තා,හරියටම අපේ විවාහ දිනයේදී වගේ.
දවසි දවස ගෙවිලා ගිහින් අවසන් දිනය උදා වුනා. මම ඇයව ඔසවා ගත්තත් මට ඉදිරියට යන්න අපහසු බව තේරුනා. අපේ පුතා මේ වෙලාවේ පාසල් ගිහින් තිබුනේ.
"මම හිතුවා අපි මහලු වෙනකන්ම ඔයා මාව එදා වගේ ඔසවාගෙන යාවි කියලා" ඇය හෙමින් කිව්වා,ඇගේ දෑස් වල කදුලු පිරිලා.
"අපි දෙන්නම තේරුම් ගත්තේ නෑ අපි දෙන්නගේ ජීවිත වලට ඒ වගේ බැදීමක් අවශ්‍ය බව" මම ඇයව මගේ සිරුරට තද කර ගන්න ගමන් කිව්වා.
මට වැටහුනා මම කල යුතු දේ.මම වේගයෙන් මෝටර් රථය පදවගෙන කෙලින්ම ගියේ කාර්යාලයට, මෝටර් රථයෙන් බැස්ස මම ගියේ ඈන් ලගට.
"මම දික්කසාද වෙන්නේ නෑ..." මම ඇයට කිව්වා.ඇය සිතුවේ මම විහිලුවක් කරනවා කියලා,ඇය සිනා සුනා.
"මම මේ කියන්නේ ඇත්ත...මම දික්කසාද වෙන්නේ නෑ"
ඇය මගේ දිහා පුදුම වෙලා බැලුවා.
"ඔයාට උන හැදිලාද?" ඇය මගේ නලලට අත තියන ගමන් කිව්වා.
"මට සමාවෙන්න ඈන්... මම බෙකීගෙන් දික්කසාද වෙන්නේ නෑ...මම මේ ඇත්ත කියන්නේ...මගේ විවාහ ජීවිතේ ඒකාකාරී උනේ අපි දෙන්නට දෙන්නා ආදරේ නැති නිසා නෙවේ...අපි දෙන්නා ජීවිතේ කුඩා දේවල් වල තියන අගය තේරුම් ගත්තේ නැති නිසා...මම දැන් තේරුම් අරන් තියෙන්නේ මම ඇයව මංගල දිනයේ ඔසවාගෙන ආපු මොහොතේ ඉදලා,ඇය අපේ දරුවාව බිහි කල මොහොතේ ඉදලා මම මිය යනකන්ම ඇයව ඔසවාගෙන යන්න අවශ්‍ය බව,මට ඒ බව තේරුනේ පහුගිය මාසය පුරාම මම බෙකීව ඔසවාගෙන යනකොට,මට සමාවෙන්න"""
ඈන් හදිසියේ සිහිනයකින් අවදි වුනා වගේ ඇයට සියල්ල වැටහුනා...මගේ කම්මුලට තදින් පහරක් ගැසූ ඇය හඩමින් කාර්යාලයෙන් ඉවතට දිව ගියා.
මම බෙකීට ඇමතුමක් දීලා කිව්වා මම ඇයව හමුවෙන්න එන බව.
ඇය හමු වීමට යන අතරතුර,මල් සාප්පුවකට ගොඩ වැදුනු මම එයින් ඇය කැමතිම වර්ගයේ මල් කළඹක් ඇනවුම් කලා.මල් සාප්පුවේ සිටි ගැහැණු ළමයා මට කිව්වා කාඩ් පතේ මගේ සුභ පැතීම සටහන් කරන්න කියලා.
"මම මිය යන තුරු හැමදාම උදේට ඔයාව ඔසවාගෙන යන්නම්" කියා මම එහි සටහන් කලා.
මෙම ලිපිය කජුවත්ත එක්සත් Cricket සමාජය විසින් උපුටා ගන්න ලද්දකි......

Saturday, November 19, 2011
IPv6 ගැන දන්නවාද...... ? දෙවන කොටස
ආ.... යාලුවනේ කොහොමද තතු....ගොඩාක් කාලෙකට කලින් ලියපු ලිපියක ඉතුරුටික ලියන්න හිතුනා. ඇත්තටම ඉස්සර නම් කොච්චර වැඩ වැඩි වුනත් බ්ලොග් එකට ලියන එක නැවත්තුවේ නෑ. ලියන්න තරම්හිතක් තිබ්බේ නෑ. ඔන්න එහෙනම් ආයෙත් වැඩේට බැස්සා.
පලවෙනි ලිපියෙන් මම දන්න හැටියට IPv4, IPv6 ගැනත් එහි වෙනස්කම් භාවිතා වෙන විදියත් දන්න විදියට කියලා දුන්නා. මේ ලිපියෙන් IPv6 ප්‍රායෝගිකව පාවිච්චි කරන විදිය කියලා දෙන්නම්. ඔයාල දන්න මම නොදන්න දෙයක් තිබුනොත් එහම කමා වනු මැනව.....
Ipv6 ලිපිනයක් බිටු 128 ක් ඇති අතර බිටු 16ක කොටස් 8ක් ලෙස භාවිතා කරනවා කියලා ඔයාලා දන්නවනේ. මේ උදාහරනය බලන්න එතකොට තවත් තේරේවී.
3ffe : 3700 : 0200 : 00ff : 0000 : 0000 : 0000 : 0001
මෙලෙස ලියා දැක්වීමෙදී බිටු 128ම් නිරූපණය වන පරිදි බිටු 4ක් බැගින් වන කොටස් සලකා hexadecimal අංකනයෙන් එලෙස බිටි 4ක් බැගින් නිරූපණය කොට අවසානයේ hexadecimal අංක 32ක් ලෙස ලිපිනය ලියා දක්වනු ලබයි. මෙහි 0200, 00ff, 0000 ආදී අංකවල මුලින් වන 0 නොසලකා පහත් පරිදි ලියා දැක්විය හැක.
3ffe : 3700 : 200 : ff : 0 : 0 : 0 : 1
කෙසේ නමුත් මුලින් වූ 0 සංඛ්‍යා පමණක් නොසලකා ලිවිය හැකි බව සලකන්න. 3700 වන කොටස 37 ලෙස ලිවිය නොහැකි බව පැහැදිලි වේ. තවද එක දිගට 0 සංඛ්‍යා ඇති අවස්ථාවකදී (උදා : 0000 : 0000 : 0000) එම 0 වෙනුවට " : : " සලකුණු කොට ලිපිනය තවදුරටත් කෙටි කොට ලියා දැක්විය හැක.
3ffe : 3700 : 200: ff : : 1
එවන් ලිපිනයක් දුටු විට එමගින් කියැවෙන සම්පූර්ණ ලිපිනය නිවැරදිව හදුනාගැනීමට අපි සමත් විය යුතුය. මෙහිදී තවත් කාරණයක් මතකයේ තබා ගත යුතු වේ. එනම් එක් IPv6 ලිපිනයක් තුළ එක පෙළට වන 0 කොටස් 2ක් අඩංගු වන්නේ නම් එම 0 කොටස් දෙකම " : : " ලෙස නිරූපණය කළ නොහැකි බවයි එක් කොටසක් පමණක් කෙටි කොට දැක්විය හැකි බව එයින් අදහස් වේ.
IPv6 ලිපිනයන් අර්ථ දැක්වීමේ දී හා ලිපිනයන් ලබාදීමේ දී සියලුම අංක 0 වූ ලිපිනයට විශේෂ කාර්යයක් හිමි වී තිබේ. එය ලිපිනයක් ලෙස ලබා නොදෙන අතර පරිඝණකයේ ජාලයකට එක් කොට ජලගත කිරීමේදී මුල් සැකසීමේ අවශථාවේ දී එය භාවිත කොට තම IP ලිපිනය ලබා ගැනීම සිදුකරනු ලබයි.
සමහර විටක ඔබ IPv4 හී 127.0.0.1 යන ලිපිනය හදුනනවා ඇති. එය අපි Loop-back address ලෙස හදුන්වන්නෙමු. එලෙසම IPv6 හී Loop-back address ලෙස " : : 1" යන ලිපිනය භාවිත කරනු ලබයි.
IPv6 ලිපිනයක් වර්ග කිහිපයක් අපට හදුනාගත හැක. මේවා uni-cast addresses ලෙස ද හදුන්වා තවදුරටත් වර්ග කළ හැක.
1. Link - Local Address
2. Site - Local Address
3. Mapped IPv4 Addresses
4. Compatible IPv4 Addresses
ඉහත ලිපිනයන් වර්ගීකරනය පිලිබදවත්, ඒවා නිරූපණය වන ආකාරය හා භාවිතය පිළිබදවත් මම තව මාස ගානකින් හරි ලියන්නම්. මොකද මේ තියෙන සීතලට පොඩි ෂොට් එකක් දාලා නිදාගන්නවා ඇරෙන්න වෙන මොනවත්ම හිතෙන්නේ නෑ... මම ගියෝ......

Wednesday, November 9, 2011
මොකද්ද 64bit කියන්නෙ? 64bit වලින් අපිට තියෙන වාසිය මොකද්ද?..

computer එකක cpu එකෙයි north-bridge එකෙයි අතර data transfer වන lane එකෙ width එක bit 64ක් වෙනව සහ bit 64 ක length එකක් ඇති data process කිරිමෙ හැකියවක් කියන එකයි.
ඇයි 64bit computers fast කියන්නෙ?..
අපි ඔක්කොම දන්නවා Computers වල data transfer වෙන්නෙ 10101 විදිහට කියල ...32bit cpu එකක එක් වරකට cpu එකට සෙන්ඩ් කල හකිවන්නෙ 32bit data length එකක් ඇති data පමනයි . එකියන්නෙ ඊට වඩා වැඩි data ප්‍රමානයක් එකවර cpu එක වෙතට send කිරිමෙ හකියවක් නෑ කියන එකයි ..ඒත් 64bit cpu එකකට උපරිම 64bit data length එකක් වෙනකන් data cpu එකට send කල හැකිය..
එකියන්නෙ උදාහරනයකට 32bit cpu එකක data එකක් ගත්තොත් send කරන්න පුලුවන් උපරිම
10101010101010101010101010101010 (32bit)
මෙවනි අගයක් පමනයි..ඒත් අපි හිතමු
1010010101010000010010010010000100100100101001 (46bit)
මෙවනි අගයක් cpu එකට send කරන්නෙ කොහොමද?
1010010101010000010010010010000100100100101001(46b it) =
10100101010100000100100100100001(32bit) + 00100100101001(14bit)
එතකොට මෙම(46bit) data එක 32bit සහ 14bit(46-32) ලෙස කොටස් දෙකකට බෙදා දෙසැරයකට cpu එක වෙත යවන්න සිද්ද වෙනව …ඒත් අපි 64bit cpu එකක් සහ OS එකක් තියෙන computer එකක් ගත්තොත් එකට මෙම (46bit) data එක එක පාරින් cpu එක වෙත යවන්න පුලුවන් එතකොට ඔබට පෙනෙවි මෙ වගෙ අවස්තාවක 64bit computer එකක් 32bit computer එකකට වඩා දෙගුනයක් fast කියලා

64bit OS එකක් තිබිය යුත්තෙ ඇයි?..
64bit support cpu එකක් තිබ්බට වැඩක් නැ 64bit OS එකක් තිබ්බෙ නැත්නම් ...මොකද OS එකෙන් තම්යි අපි computer එකට ලබා දෙන හැම instruction එකක් ම machine code බවට පත් කරන්නෙ (එ කියන්නෙ “1” “0” වලට හර්ඩ්වරෙ උපාන්ග වලට තෙර්න්නෙ “1”සහ”0”(ඔන් අන්ඩ් ඔෆ්ෆ්) පමනයී..)
එත කොට 64bit OS එකක් නම් උපරිම length එක 64bit වන ලෙස data එකක් machine code බවට පත් කිරිමෙ හැකියවක් තියෙනව..නමුත් 32bit ඔස් එකක් නම් උපරිම 32bit වන ලෙස තම්යි convert කරන්නෙ.
Graphics කරන අය 64bit පාවිච්චි කල යුත්තේ ඇයි?..
Graphics කරන අය හුගාක් colours වර්ග use කරනව ..එම නිස එ අයට 64bit colours ඉතා වෙගයෙන් හ නිවැරදි ව process කිරිමෙ හැකියවක් තියෙනව ..64bit පවිච්චි කිරිමෙන් ඇතිවන වාසි කිහිපයක් මෙන්න
colour correction එක ඉතා නිවරදි,
Anti aliasing හැකියාව වැඩි,
Resolution වැඩි images handle කිරිමෙ හැකියාව වැඩි..
64bit computer වලට ඉතා විශාල RAM දාරිතාවක් අවශ්ය ඇයි?
64bit computer වල තියෙන එකම අවාසිය වනෙ මෙයයි එනම් 32bit computer වලට වඩා RAM මතකය අවශ්ය වීම..මොකද 64bit වලදි allocate කරන data length එක 32bit වල data length එකට වඩා වැඩි නිසා…
32bit OS වල 4GB වලට වඩා RAM මතකය හදුනා නොගන්නෙ ඇයි?
32bit computer වලට හැකියාවක් අත්තේ 2^32 පමන memory addresses හදන්න පමනයි..එකියන්නෙ 4GB (2^32=4 x1024 x1024) ..එතනින් එහාට memory එක use කරන්න 32bit computer එකකට බෑ…
නමුත් 64bit computer එකක 2^64 පමන memory addresses හදන්න පුලුවන් එ කියන්නෙ 17.2billon GB(2^64= 17.2billion)..
දැන් ඔගොල්ලොන්ට තෙරෙනවා අති 32bit OS වල RAM එක 4GB වලට වඩා අඩු අගයක් පෙන්නනෙ ඇයි කියල..
නමුත් 64bit computers 32bit computers එක්ක බලනවිට දෙගුනයක් වේගව්ත් වන්නෙ නැත..එයට හෙතුන් කිපයක්
• ඉතා විශාල RAM මතකයක් handle කිරිමට සිදුවන නිසා..
• ඉතා විශාල cache memory එකක් use කරන නිසා..
~~~~~~ Email පණිවිඩයක් මගින් උපුටා ගන්නා ලද්දකි ~~~~~~
Wednesday, July 27, 2011
ඔබ පෙරදා ආදරේන්.............

අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේ
අඳුරේ හෑඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ
ඔබ පෙරදා ආදරේන්
මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ
මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා //
තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා ...
මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා .....
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ
මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා
සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී ...
හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ.....
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ
මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා //
මේ සිංදුව ඇහුන දවසේ ඉදලා අද වෙනකම් අහනවා. හිතන්න එපා ලියන්න දෙයක් නැතුව මේවා ලියනවා කියලා. මේ දවස් වල හොදටම වැඩ. ලියන්න තරම් නිදහසක්, හිතට නිදහසක් නෑ. වල්මත් වෙලා වගේ වැඩ කරගෙන ගිහින් හැරිලා බලද්දී මම නිකන් තනි වෙලා වගේ හැගීමකුත් හිතට ආවම නොවෙයි.
හිතට දැනුන තනිකමක් නිසා මේ ගීතා හිත ගියාමත් නොවෙයි, පුදුම තේරුමක් තියෙනවා කියලා හැගෙනවා. අනික අපේ ජීවිතයට කොච්චරවත් ගීත සමීපද ?. වෙලාවකට අපටම කීවා කියලත් දැනෙනවා.
මෙහෙම කිව්වා කියලා මම ගැන වැරදියට හිතන්න එපා හොදේ. මම මේකට ආස නිසයි ලීවේ. ඉක්මනිනම මම ඔයාලට ඉස්සර වගේම අලුත්ම ලිපි ලියන්න බලපොරොත්තු වෙනවා. ගොඩාක්ම Linux සහ cisco ගැන. එහෙනම් ඕන් මම ගියා.
සිංදුව ඕනනම් මෙතනින් ගන්න. හැබයි ඉතින් මේක අහපු නැති කෙනෙක් නෑ. මෙතනින් ගන්න
Thursday, March 17, 2011
හිත මිතුරු සුළග...........

හිත මිතුරු සුළග ළග එන වැහි වලාවට කියන්....
අද නොපැමින අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්.....
දිගු කළකින් ඈ මුන ගැසේවී හසගනක් ලෙසින්....
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අදුරු වේ සැනින්....
කස්ටිය බලනවා ඇති මොකද මේ රොබින්ට එක පාරම වුනේ කියලා. ඒ පාර හිතනවා ඇති මේ රොබින් කවුද කියලා. ඔය රොබින් කියන්නේ ඉල්ලගෙන කාලා දාගත්ත නමක්. මේ ගීතය එක්ක බැදිච්ච අතීතයක් තියෙනවා මගේ යලුවෙක්ට. AL කරන කාලේ. පොඩි love සීන් එකක්. මේ සිංදුව ඇහුන වෙලේ මට එක පාරටම මේ සිද්දිය මතක් වුනා.
ඔන්න ඒකාලේ සෙට් එකම නුවර ක්ලාස් යනවා AL ගොඩ දා ගන්න. ඔය කාලේ ඉතින් love මාන්දමනේ. සෙට් එකේ ට්‍රයි එක ඉරිදට ඉක්මනටම ගෙදර පනින එක. ඔය අස්සේ එකෙක් ඉන්නවා දවල්12 ට ක්ලාස් කට් කරලා පනින එකෙක්. ඌ නම් ක්ලාස් කට් කරලා පනින්නේ කලින් ගෙදර යන්න නෙවෙයි. ඌගේ පෙම්බරීව මීට් වෙන්න. අපේ භාෂාවෙන් කිව්වොත් කෑල්ල බලන්න.
නියම වැඩේ කියන්නේ ඔන්න එක දවසක් සෙට් වුනා ක්ලාස් නැති. ඔන්න සෙට් එකම එදා කලින්ම යන්නයි සූදානම. සෙට් එකම ආවා ගුඩ්ෂෙඩ් එකට. ඒ කියන්නේ නුවර බස් ස්ටෑන්ඩ් එකට. ආ... කියන්න අමතක වුනානේ මේ සෙට් එකම නුවර අදින්නේ හැටන් ඉදලා. ඒ කියන්නේ අපේ ස්කූල් එක හැටන් තියෙන නම් දරාපූ පාසලක්. වැඩිය කියන්න ගියොත් බඩුත් එක්කම හොරුත් මාට්‍ටු වෙනවා. කොහොමහරි ඔන්න එදා කලින් ආවට මොකද යන්න බස් නෑ. කොහොම හරි ඔය සෙට් එක පොර කාලා නැග්ගා AC බස් එකකට. ඔය අතරේ අර අනිත් එකා කොයි වෙලෙත් වෙලාව බලනවා. ඌට කෑල්ල බලන්න පරක්කු වෙලා. කට්ටිය හිතයි මම කොහොමද ඔච්චර විස්තර දන්නේ කියලා. මමත් ඉතින් ඒ සැට් එකේ එකෙක් තමයි... හික්... හික්....
දැන් තමයි සිද්දියට එන්නේ.... ඔන්න මමයි, ඔය සිංදුව කියපු එකයි, අර කෑල්ල බලන්න යන එකයි අන්තිම සීට් එකට සෙට් වුනා. ඔය සිංදු කියන එකාගේ නම බද්‍රපාල. අපි ආදරේට කියන්නේ බද්‍රේ කියලා. අපි පුරුද්දකට වගේ ඉතින් හැමදාම සිංදු කවි කරනවා. ඔන්න එදා වැස්සත් එක්ක. ඉන්ටර් සිටි කිව්වට දකින දකින තැන නවත්තනවා. ඒ අතරේ අරූ වෙලාව බලනවා. මොකද උ දුවන්නේ හතර හමාරේ කොච්චියට. ඒකට කියන්නේ කට්ටිය ලව් ට්‍රෙන් කියල. හිතාගන්න පුලුවන්නේ නේද?
කොහොම හරි වටවල හරියට එන කොට train එක යනවා. ඒක මිස් වුනොත් බඩුම තමා. දෙකම මෙහෙම මෙහෙම. ඒ කියන්නේ ලගින් කියන එක.. හික් හික්... ඔන්න ඔය අතරේ අර love සිකා නහයෙන් අඩන අතරේ බද්‍රේ පටන් ගත්තනේ 'හිත මිතුරු සුලග' දැන් ෆුල් ආතල්. අරුගේ මූණ රතු වෙලා, මල පැනලා. ඒ මදිවට වෙලාව බල බලා අපට දෙහි කපනවා. ඔය අතරේ බද්‍රේ repeat වෙනවා. දැන් අරූට හොද ගානට මල පැනලා. කොහොමහරි බස් එකයි, ට්‍රේන් එකයි එකටම වගේ හැටන් එකට ආවා. මූ අපටත් නොකියම දුවපි. ඒ මලේ හොදම හරිය වෙන්න ඇති. ඉතිරි හරිය අහගන්න ඔන ලව් සිකාගෙන්ම තමයි. හැබයි මට අදටත් අර බද්‍රේ සිංදුව කියපු ඇක්ෂන් එක අමතක වෙන්නේ නෑ. තව ඉස්සරහටත් දෙන්නම්කො බද්‍රේගේ වැඩ......
සැ.යු: මෙහි එන සමහර නම් ගම් මනං කල්පිතයි.
Monday, January 24, 2011
CCNA Certification එකට පොඩි Support එකක්.....

හුග දවසක ඉදලා CCNA ගැන පොඩ්ඩක් ලියන්න හිතන් හිටියත් කොහෙද වේලාවක් සෙට් වුනේම නෑ. ඔන්න දෙනනම් ජම්බු කියලා වැඩේ පටන් ගත්තා. මේක මගේ පොඩි උත්සාහයක් විතරයි ඔයාලට අදහසක් ගන්න. ඕන දෙයක් තිබ්බොත් email වලින් help එකක් දෙන්න බලන්නම්.
කෙටියෙන්ම පටන් ගමු. 640-802 CCNA ලෙස විනාඩි 90ක exam එකක්. සාමානයෙන් ප්‍රශ්න 50-55ක් අතර වගේ ගානක් ලැබෙනවා. lab ටිකත් එක්ක. මෙහිදී cisco routing switcing ගැන හොද අවබෝධයක් ගන්න පුලුවන්. සෑහෙන විෂ්‍ය මාලාවක් මේ සදහා ඇතුලත් වෙනවා.
මෙහිදී install, configure, operate, troubleshoot ගැන හොද අවබෝධයක් සාමන්‍ය මට්ටමේ routed and switched network පිලිබදව ලබා ගන්න පුලුවන්. තවත් මුලික ලෙස remote sites බාවිතයෙන් WAN, security threats, සහ wireless network access පිලිබද හොද දැනුමක් ගන්න පුලුවන් කරුනු මෙහි ඇතුලත් වෙනවා. හොදම දේ නම් අපි නිතර භාවිතා කරන IP, Enhanced Interior Gateway Routing Protocol (EIGRP), Serial Line Interface Protocol Frame Relay, Routing Information Protocol Version 2 (RIPv2) යන protocol පිලිබදවත් VLANs, Ethernet සහ access control lists (ACLs) පිලිබද සවිස්තරාත්වක දැනුමක් ලබා දීමයි.
CCNA certification එක වලංගු වන්නේ අවුරුදු 3ක කාලයක් සදහා පමනයි. සාමානයෙන් දිගින් දිගටම exam කරගෙන ගියොත් certification එක වලංගු වෙනවා. අන්තිමට CCIE කලොත් ජීවිත කාලයටම වලංගු වෙනවා.
මෙහි විෂය මාලාව විශාල පරාසයක් හරහා පැතිරෙන නිසා මූලික දැනුමක් නැතුව ස්වොත්සාහයෙන් කරන්න ගියොත් ඇන ගන්න පුලුවන්. හොදම දේ කටපාඩම් නොකර හොද ගුරුවරයෙක්ගේ සහයෝගය ඇතුව හොද මූලික ආරම්භයක් ගන්න එක. පසුව ඔබට යම් දැනුමක් ලැබුනු පසු ඔබටම කරුනු හොයාගෙන ඉගෙන ගන්න පුලුවනි. self study වලට ඕන තරම් කරුනු අන්තර්ජාලයේ තියෙනවා.
CCNA Certification එක පිලිබද බොහෝ කරුනු මෙතනින් ගන්න
අලුත්ම විභාග ප්‍රශ්න හා ඒ වටා බැදුනු අනෙක් කරුනු මෙතනින් ගන්න
Sunday, January 2, 2011
සුභ නව වසරක් වේවා...............!
Wednesday, December 22, 2010
SBU ගැන්සිය

2010.12.19 දා තිබුනු SBU සුහද හමුවේ සමූහ ඡායාරූපය දැක්කම හිතට පුදුම සතුටක් දැනෙන්නේ. කොටින්ම කිව්වොත් ඇඩෙනවා. ඇඩෙන්නනම් හේතූ 2ක් තියෙනවා. එකක් මේ ඉන්න SBU සහෝදරයෝ දැක්කම ඇති වෙන සතුටට. අනිත් හේතුව එන්න බැරිවුන එක. මොනවා කරන්නද වැකේෂන් එක සෙට් වුනේ ලබන අවුරුද්දට. මොනවා වුනත් වැඩේ මල් හතයි. අපිට ඉතින් කියන්න තියෙන්නේ SBU ගැන්සිය සදා වැජබේවා කියලා තමයි.....
Wednesday, November 17, 2010
යාලුවෝ ඕනම ද ?

යාලුවෝ ඕනම ද ? ඇත්තෙන්ම ඕන. හැබැයි දුකේදී සැපේදී දෙකේදිම ඉන්න යාලුවෝ.
සමහරු හිතනවා ඇති මම මොකද මේ වගේ දෙයක් ලියන්නෙත් කියලා. ඕනම කෙනෙක්ට හිතට එන දේ ලියන්න පුලුවන්. ඒකට කාගෙන්වත් ප්‍රශ්නයක් නෑ. අද නම් අපට නිවාඩු. ඒකයි මට මගේ යාලුවන් වෙනුවෙන් මේක ලියන්න හිතුනේ. කොටින්ම කිව්වොත් මම මේක ලියන්නෙත් මගේ යාලුවෙක්ගෙ Lap එකෙන්. කොහොම වුනත් හැමෝම දන්නවා මගේ යාලුවෝ ගැන්සිය ගැන.
කොහොම වුනත් අපි සමාජයේ සැරිසරද්දි නොයෙකුත් ජාතියේ මිනිස්සු හමු වෙනවා. අපි දැන ගන්න ඕන අපට සුදුසු තත්වෙට ගැලපෙන අය ආශ්‍රය කරන්න. මොකද එහෙම නැතිවුනොත් අපිට මේ ගගක් වගේ ගලා යන ජීවීතේ මාලුවෙක් වගේ පීනගෙන ගිහින් ලස්සන අත් විදින්න බැරි වෙනවා.මොකද අපේ මල්ලියෙක් කිව්වා වගේ ජීවිතේ කියන්නේ කවියක්. ඒ කතාව නම් හරියට හරි.
කොහොමත් මගේ පාසල් කාලයේ ඉදන් හොද යලුවෝ සෙට් එකක් හිටියා. අදටත් අපි ඉන්නේ එකට. අපේ ජිවිත ගොඩාක් ලස්සන වුනේ අපි එකතු වෙලා වැඩ කරද්දි. ඒ කාලේ ගොඩාක් ලස්සනයි. අදටත් අපි ටික එකට එකතුවෙලා වැඩ කරනවා. හබැයි දැන් ඉස්සර වගේ මුන ගැහෙන්නවත්, සෙට් වෙන්නවත් කාලයක් නෑ. මොකද අපි කරන රැකියාවන් එක්ක අපේ කාලය සීමා වෙලා.
මට ඉස්කෝල කාලෙදි වගේම, මම නයින්හාට්ස් වැඩ කරද්දිත් හොද යලුවෝ ටිකක් සෙට් වුනා. ක්ලාස් එකේදී, කැම්පස් එකේදී, සෙට් වුන අයගෙන් අදටත් මාත් එක්ක හොද මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ වගේම තමයි මේ බ්ලොග් සංසදයේ ඉන්න අපේ වැඩ්ඩෝ ටිකත්. මට හැම වෙලේම මේක කරන් යන්න අත දුන්නේ එයලා. මම මෙහෙම ලියන්නේ මේ බිත්ති හතරට තනි වෙලා තනියම ඉන්න වෙලාවට මගේ යාලුවෝ සෙට් එක මතක් වුන නිසා. කවමදාවත් එයාලගෙන් මට ලැබුනු කරුණාව, දයාව, ආදරය කවදා නැවතත් ලැබෙයිද කියලා මම දන්නේ නැති නිසා. මම මුලදිම කිව්වනේ ගලාගෙන යන ගංගාවේ මාලුවෝ ගොඩාක් ඉන්නවා කියලා.......
මේ දවස් ටිකේ අපට නම් නිවාඩු. ලංකාවේ එහෙම මෙහෙම නිවාඩුවත් සෙට් වුනොත් මලා තමයි. මොකද ගජයෝ ටික ඔක්කොම එනවා මාව කැන්දන් යන්න. කවුරු කොහොමත් හොදට කන බොන මිනිස්සුන්ට වෙන්නේ ඕකම තමා. කවුරුත් නොකීවාට. මොනවා වුනත් හැමදාම ලගින් ඉන්න එක යාලුවෙක් වත් ඉන්නවා කියන්නේ ඒක ලොකු වාසනාවක්. මට මේ අලුත් නවාතැනත්, සමාජයත් අලුත් අත් දැකීමක්. මෙහෙදීත් මට ගොඩාක් මිනිස්සු මුන ගැහෙනවා. බලමු මම යාලුවන් වෙනුවෙන් ලියන ඊලග ලිපියට මෙහෙනුත් සෙට් එකක් එකතු වෙයිද කියලා. මොකද අපි සල්ලි හම්බ කරන්න, රැකියා කරන්න, වෙන ඕනම දෙයක් කලත් අන්තිමට ඉතුරු වෙන්නේ දුකේදී සැපේදී එකට ඉන්න පුලුවන් යාලුවෝ ටිකක් විතරයි. අනික අපි ඉගෙන ගන්න දේ මේ මොන දේ නැති වුනත් අපිව තනි කරන්නේ නෑ..........
Sunday, October 24, 2010
කැමතිද ? ලිනක්ස් Live USB එකක් හදා ගන්න.....
මුලින්ම කියන්න එපැයි මේ ලිපිය අමුන ගත්තේ ඔපන් සොර්ස් (Open Source) ආර්ටිකල් එකකින්. ඒකටත් හේතුව අපේ අශෝකයාගේ හොර වැඩක්. කොහොම වුනත් ඌ නිසා මට ඔයාලට මේකත් කියලා දෙන්න පුලුවන්. (අශෝක කියන්නේ මගේ පරන ඔපිස් එකේ බොක්කක්)
මුලින්ම කරන්න තියෙන්නේ UNetbootin කියන මෘදුකාංගය බා ගන්න එක. ආය ubuntu, fedora, kubuntu වගේ ලිනක්ස් ඔපරේටින් සිස්ටම් වල image file මේ වැඩේට ඕන. ඔයාලට මේ softwares free ගන්න පුලුවන්.
free software මෙතනින් ගන්න. ubuntu 10.10 32bit, ubuntu 10.10 64bit, UNetbootin
ඔන්න දැන් අපි වැඩේට බහිමු. ඔයාලා මුලින්ම අර උඩ තියෙන file ටික download කර ගන්න. download කර ගත්ත UNetbootin file එක run කරන්න.
හරි, දැන් මම Ubuntu දාන හැටි කියලා දෙන්නම්. මේ run කරපු application එකේ select distribution කියන තන ubuntu කියලා select කරන්න. select version කියන තන ubuntu 10.04_Live කියලා select කරලා, type කියන tab එකේ USB Drive වල Drive letter එක දීලා අපට කෙලින්ම iso file එක download & Install දෙකම කරන්න පුලුවන්. ඒ විදියට මේක කරන්න ගියොත් හෙට එලි වෙයි. ඒකයි මම කලින්ම කිව්වේ iso එක download කර ගන්න කියලා. ඒක කරන්නේ මෙහෙම
ඒ නිසා අපි කෙලින්ම download කර ගත්ත iso එක දාලා වැඩේ කරමු. Disk Image කියන තැන select කරලා ISO තෝරා ගන්න. type කියන තැන USB Drive select කරලා අදාල drive letter එක දෙන්න. දැන් ok කරන්න. පහල රූපය බලන්න.

දැන් ok කලාට පස්සේ පහල තියෙන රූප සටහනේ වගේ යනවා කියන්නේ ඔයාලා වැඩේ සාර්ථකව කරලා තියෙනවා කියන එක. complete වුනාට පස්සේ restart වුනාම pen drive එකෙන් boot කරලා බලන්න.

Wednesday, October 20, 2010
CCENT Certification නොහොත් ඇතුල්වීම

ඔන්න ඉතින් මමත් පටන් ගත්ත ගමන්ම වඩේ නා ගත්තා. මොකද මම CCNA ගැනනේ කතා කලේ. මටත් අමතක වුන Entry Level Exam එක ගැන. මොකද මේ Exam එක කරන අය අඩුයි. ගොඩාක් අය කරන්නේ කෙලින්ම CCNA කරන එක. අනිත් එක ඉතින් අපේ අය හරි දක්ෂයිනේ ලොකු වැඩ කරන්න. අපි බහිමු වැඩේට....
CCENT කියන්නේ Cisco Certified Entry Networking Technician කියන එක. cisco මේ වගේ entry level එකක් හදලා තියෙන්නේ නෙට්වර්ක් වලට මුලින්ම අතුල් වෙන අයට ඒ පිලිබද හොද ආරම්භයක් ලබා දෙන්න. නැත්නම් වෙන්නේ පටන් ගද්දිම එල්ලිලා මැරෙන්න.
CCENT වලදී සාමාන්‍ය තරමේ නෙට්වර්ක් (Small Enterprise Network) ගැන හොද දැනුමක් ලැබෙනවා. නෙට්වර්ක් ස්ථාපනය කරන හැටි, troubleshoot කරන හැටි, ඒ ඇරුනම Network security, WAN, Wireless ගැනත් සාමාන්‍යයෙන් හොද දැනුමක් ලබා ගන්න පුලුවන්. ඒ වගේම CCNA වලට ඇතුල් වෙන්න ගොඩාක් ලේසි වෙනවා. හැබයි තව දෙයක් තියෙනවා ටිකක් මහන්සි වුනොත් CCNA දාගන්න එකයි හොදම දේ. මොකද නැත්නම් පාර වදින්නේ අපේ සාක්කුවට.
වැඩි විස්තර මේ අමුනලා තියෙන ලින්ක් වලින් ගන්න. මමත් ගොඩාක් විස්තර ගන්නේ cisco official site එකෙන්. ඔයාලට මේ exam වලට ඕන කරන study materials, dump, questions ඕන නම් කියන්න. මම දන්න විඩියට help එකක් දෙන්නම්.
මේ ලින්ක් ක්ලික් කරලා තොරතුරු බා ගන්න.....
CCENT Notes
Part 1 - Networking Fundamentals
Part 2 – LAN Switching
Part 3 – IP Routing
Part 4 – Wide-Area Networks
Tuesday, October 19, 2010
නෙට්වර්ක් ඉගෙන ගන්න ආසද...?
මට මේ ලිපිය ලියන්න හිතුනේ Office එකේ ඉන්න වෙලාවක. මොකද අපි හැමෝම නෙට්වර්ක් ගැන කතා කරනවා. නමුත් ආධුනිකයෙක්ට යන්න ඕන පාර කියලා දෙන්න කවුරුත් නෑ.
මමත් දැන් මේ ලොකුවට කෑ ගැහුවට මොනවා ලියන්නද කියලා හිතා ගන්න බෑ. මම කොහොමත් ආස CISCO වලට. ඉතින් මට පුලුවන් පුලුවන් වෙලාවට මම ටික ටික ලියන්නම්. ඉස්සෙල්ලාම Cisco Certification වලින් පටන් ගන්නම්. මොකද IT Field ඉන්න ඉගෙන ගන්න එක වැදගත් වෙනවා.

http://www.cisco.com/web/learning/le3/learning_career_certifications_and_learning_paths_home.html
මම මේ පින්තූරය අටව ගත්තේ Cisco Official Site එකෙන්. ඕනම කෙනෙක්ට www.cisco.com එකට ගිහින් ඕනම විස්තරයක් ගන්න පුලුවන්.
හැබැයි Cisco ගැන මෙහෙම ලියලා ඉවර කරන්න බෑ. මම දන්න ටික ඔයාලට කියලා දෙන්නම්. මොකද මම දන්නෙත් ටිකයි. මම ඊලග ලිපියෙන් CCNA වලින් පටන් ගන්නම්.......

Sunday, October 17, 2010
නුපුරුදු තනිකමක්..............
අද හුග දවසකින් මම නැවතත් මගේ බ්ලොග් පිටුවට ආවා, මොකද අද කවමදාවත් හිතට නොදැනුන පාලුවක්, තනිකමක් හිතට දැනෙන නිසා. මොකද අද මමත් වැලිකතරක තනිවෙලා නිසා. ඉස්සෙල්ලාම ප්‍රභාත්ටත් මේ දේම දැනෙන්න ඇති. වෙලාවකට හිතෙනවා මේ මුදල් හොයාගෙන ආව ගමනේ මම අද තනි වෙලා කියලා. මොකද එදා මං ගාව හිටපු කවුරුත් මං ගාව නෑ. ඒ හැමෝම දැන් මට ඈතයි...............
මොනවා වුනත් මගෙ තනිකම නැති කර ගන්න මම අයෙත් ලියන්න පටන් ගන්නවා. මොකද අපට හිතෙන දේ හිතේ හැටියට ලියාගන්න පුලුවන් නිසා............
මොනවා වුනත් මගෙ තනිකම නැති කර ගන්න මම අයෙත් ලියන්න පටන් ගන්නවා. මොකද අපට හිතෙන දේ හිතේ හැටියට ලියාගන්න පුලුවන් නිසා............
Wednesday, August 18, 2010
තව ටික දවසයි................
තව ටික දවසයි මට තියෙන්නේ ලංකාවේ ඉන්න..... මගේ ඊළග ලිපි ලියන්න වෙන්න ලංකාවෙන් පිට ඉදන්...... මේ දවස් වල හැමදේම අත ඇරලා ඉන්නේ............ තව ටික දවසකින් හමුවෙමු....
Wednesday, May 5, 2010
Photo Printing වලට අලුත් නමක්................

පොටෝ ප්‍රින්ට් ගැන කතා කරද්දී ඕන කෙනෙක් දන්න නමක් තමයි නයින්හාට්ස් කියන්නේ. එකදාස් නවසිය හතලිස් ගනන් වලදී ස්ක්‍රින් ප්‍රින්ට් වලින් පොඩියට පටන්ගෙන, 1990 දී පමන ඇනලොග් ප්‍රින්ටින් වලින් පටන්ගෙන අද වෙනකොට digital ප්‍රින්ටින් වලින් ඉමහත් කීර්තියක් ලබා ගෙන ඇත. ඒ විතරක් නෙවෙයි තවත් බොහෝමයක් ක්‍රියදාමයන් වලට මුල් තැන ගත්තේ නයින්හාට්ස්.
කොහොම වුනත් හැමදාම අලුත් වැඩ කරපු 9H දැන් අලුත් වැඩක් පටන් ගෙන යනවා. තව ටික කාලෙකින් නෙගටිව් (Negative) වෙලා Digital වලට හැරෙන්න කලින් දැන්ම ඒකට මුහුන දෙන්න ක්‍රියාමාර්ග අර ගෙන ඉවරයි. මේකත් ඒ වගේ අලුත් කතාවක්, කොටින්ම අපේ භාෂාවෙන් කිව්වොත් හොද කට්ටක් කනවා මේ ටිකේ. කොළබින් පිට බණ්ඩාරවෙල ඉදගෙනයි කට්ට කන්නේ.
මෙච්චර කාලයක් Noritsu 2900, 3200 ප්‍රින්ටින් මැෂින් වෙනුවට අලුත්ම පොඩ්ඩෙක් හදුන්වාදෙන්න යන්නේ..... නමින් TDS ලෙස හදුන්වන්න පුලුවන්. මිල අතින් ඉතාම අඩු වන අතර quality එක පරන මැෂින් වගේම තමයි. මේ පොඩ්ඩා වැඩ අතින් නම් දක්ෂයි වගේ.
මේ දවස් වල අපේ සෙට් එක නාගෙන මේක ටියුන් කරනවා. කොහොම වුනත් වැඩේ දැන් සාර්ථක වීගෙන එනවා. මම දන්න විදියට මැෂින් එකේ විස්තර මෙහෙමයි.
Model TDS-1868
Descriptions Lighting operational,
Integrated with Cutting,
Print Size
1"-12*18"(305*457mm)
Exposure Engine Professional LDD Exposure system, PANDA LCD
Pixe(2048*1556)
Light Source Matrix LED parallel light
Lens system Digital parallel light
Auto Mix-colors Densitometer
Resolution 520DPI(3R)
Monitor 17 inch LCD(support 1280*1024)
Printing speed 600PCS/hour(4R)
Processing technique RA-4
Paper Supply Double paper magazine, load and rewind automatically
Length of Paper Supply 180 meters
Slot Interplaited Roller
Running Cut- Printing, Single in Single out
Paper Width 89, 102, 127, 152, 203, 254, 305(mm)
Photo Paper General traditional photo paper, laser digital photo paper
Tank Volume CD: 13L; BF: 13L; STB1: 13L; STB2: 13L; STB3: 13L
Chemical replenishment Automatically supplied
Dimensions 2015mm(length)*1180mm(width)*1500mm(height)
Weight 380KG(Without chemical)
Power Max. 4.0KW(220V/50Hz)
මේ මැෂින් එක නිර්මානය කරද්දී මූලිකව අපතේ යාම අවම කිරීමටත් මෙහෙයුම් පද්ධතිය, හා මෘදුකාංග ගැන විශාල සැලකිල්ලක් දක්වා තිබෙනවා. Backup & Restore කිරීම පහසු කර ඇති නිසා ඉතා ඉක්මනින් Recovery කර ගැනීමේ හැකියාව තියෙනවා. කොටින්ම කිව්වොත් Down Time එක අඩුයි. මේ ගැන තව දන්න දේවල් ඉදිරියේදී ලියන්නම්.......
Monday, March 22, 2010
ඔබේ පරිඝණකයේ NTLDR is Missing වෙලා තියෙනවද... ?
NTLDR is Missing
Press any key to restart
Boot: Couldn't find NTLDR
Please insert another disk
NTLDR is missing
Press Ctrl Alt Del to Restart
ඔබලටත් මේ NTLDR is Missing කියන ප්‍රශ්නේ ඇවිත් තියෙනවද ?. ගොඩක් වෙලාවට මේක සිදු වෙන්නේ වැඩ කර කර ඉන්න අවස්ථාවක පරිඝණකය Restart හෝ Power failure එකක් සිදු වූ විටයි. සමහර ගොඩක් දෙනා එවිට සිදු කරන්නේ පරිඝණකය Format කිරීමයි. එයට හේතුව, ඇතැම් අවශ්ථා වලදී Windows install කිරීමේදී එය Repair කිරීම නො අසා නැවතත් නව මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමට සිදු වීමයී. ඒ තත්වය මේ ආකාරයට විසදා ගන්න පුලුවනි.
1. පලමුව පරිඝණකයේ Biosයට ගොස් එහි Boot Order එක CD-ROM/DVD-ROM එකට වෙනස් කිරීම
2. පසුව පරිඝණකය Restart කර විට එය CD-ROM මගින් Boot වන අතර නව මෙහෙයුම් පද්ධතියක් ස්ථාපන කිරීමට යන විධාන තිරයේ දිස් වෙද්දි, Enter Key එක Press කරන්න.
3. ඉන් පසුව පරිඝණකයට අවශ්‍ය Driver ලබා ගන්නා අතර එය අවසන් වූ විට නව මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කිරීම හෝ දැනට පවතින මෙහෙයුම් පද්ධතිය අලුත් වැඩියා කිරීම යන විධානයන් පෙන්වයි. එවිට මෙහෙයුම් පද්ධතිය අලුත් වැඩියා කිරීම සදහා 'R' Press කරන්න
4. පසුව Windows installation මෙනුවට ඇතුල් වීමට '1' Press කරන්න
5. ඉන් පසුව Administrator Password පාස්වර්ඩ් ඇතුල් කිරීමෙන් පසු Windows Repair මෙනුවට ඇතුල් වීමට හැකිය. එවිට C:\Windows:> ලෙස තිරයේ දිස් වනු ඇත.
6. පසුව ntldr හා ntdetect.com යන සිස්ටම් ෆයිල් දෙක C drive තුලට copy කිරීම පහත ආකාරයට සිදුකල හැක. මුලින්ම ඔබගේ CD-ROMහී Drive letter එක මතක තබා ගත යුතුය.
copy e:\i386\ntldr c:\
copy e:\i386\ntdetect.com c:\
මෙහි e:\ ලෙස දැක්වෙන්නේ CD Drive එකයි
7. මෙම ෆයිල් 2ක නිසියාකාරව copy වීමෙන් පසු CD එක එවත් කර පරිඝණකය restart කරන්න. දැන් මෙම ගැටලුව විසදෙනු ඇත.
වැඩි විස්තර මෙතනින් ගන්න.
http://itavenue.blogspot.com/2010/01/ntldr-is-missing-windows-2000xp.html

Subscribe to:
Posts (Atom)