Wednesday, December 22, 2010

SBU ගැන්සිය



2010.12.19 දා තිබුනු SBU සුහද හමුවේ සමූහ ඡායාරූපය දැක්කම හිතට පුදුම සතුටක් දැනෙන්නේ. කොටින්ම කිව්වොත් ඇඩෙනවා. ඇඩෙන්නනම් හේතූ 2ක් තියෙනවා. එකක් මේ ඉන්න SBU සහෝදරයෝ දැක්කම ඇති වෙන සතුටට. අනිත් හේතුව එන්න බැරිවුන එක. මොනවා කරන්නද වැකේෂන් එක සෙට් වුනේ ලබන අවුරුද්දට. මොනවා වුනත් වැඩේ මල් හතයි. අපිට ඉතින් කියන්න තියෙන්නේ SBU ගැන්සිය සදා වැජබේවා කියලා තමයි.....

Wednesday, November 17, 2010

යාලුවෝ ඕනම ද ?


යාලුවෝ ඕනම ද ? ඇත්තෙන්ම ඕන. හැබැයි දුකේදී සැපේදී දෙකේදිම ඉන්න යාලුවෝ.

සමහරු හිතනවා ඇති මම මොකද මේ වගේ දෙයක් ලියන්නෙත් කියලා. ඕනම කෙනෙක්ට හිතට එන දේ ලියන්න පුලුවන්. ඒකට කාගෙන්වත් ප්‍රශ්නයක් නෑ. අද නම් අපට නිවාඩු. ඒකයි මට මගේ යාලුවන් වෙනුවෙන් මේක ලියන්න හිතුනේ. කොටින්ම කිව්වොත් මම මේක ලියන්නෙත් මගේ යාලුවෙක්ගෙ Lap එකෙන්. කොහොම වුනත් හැමෝම දන්නවා මගේ යාලුවෝ ගැන්සිය ගැන.

කොහොම වුනත් අපි සමාජයේ සැරිසරද්දි නොයෙකුත් ජාතියේ මිනිස්සු හමු වෙනවා. අපි දැන ගන්න ඕන අපට සුදුසු තත්වෙට ගැලපෙන අය ආශ්‍රය කරන්න. මොකද එහෙම නැතිවුනොත් අපිට මේ ගගක් වගේ ගලා යන ජීවීතේ මාලුවෙක් වගේ පීනගෙන ගිහින් ලස්සන අත් විදින්න බැරි වෙනවා.මොකද අපේ මල්ලියෙක් කිව්වා වගේ ජීවිතේ කියන්නේ කවියක්. ඒ කතාව නම් හරියට හරි.

කොහොමත් මගේ පාසල් කාලයේ ඉදන් හොද යලුවෝ සෙට් එකක් හිටියා. අදටත් අපි ඉන්නේ එකට. අපේ ජිවිත ගොඩාක් ලස්සන වුනේ අපි එකතු වෙලා වැඩ කරද්දි. ඒ කාලේ ගොඩාක් ලස්සනයි. අදටත් අපි ටික එකට එකතුවෙලා වැඩ කරනවා. හබැයි දැන් ඉස්සර වගේ මුන ගැහෙන්නවත්, සෙට් වෙන්නවත් කාලයක් නෑ. මොකද අපි කරන ‍රැකියාවන් එක්ක අපේ කාලය සීමා වෙලා.

මට ඉස්කෝල කාලෙදි වගේම, මම නයින්හාට්ස් වැඩ කරද්දිත් හොද යලුවෝ ටිකක් සෙට් වුනා. ක්ලාස් එකේදී, කැම්පස් එකේදී, සෙට් වුන අයගෙන් අදටත් මාත් එක්ක හොද මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ වගේම තමයි මේ බ්ලොග් සංසදයේ ඉන්න අපේ වැඩ්ඩෝ ටිකත්. මට හැම වෙලේම මේක කරන් යන්න අත දුන්නේ එයලා. මම මෙහෙම ලියන්නේ මේ බිත්ති හතරට තනි වෙලා තනියම ඉන්න වෙලාවට මගේ යාලුවෝ සෙට් එක මතක් වුන නිසා. කවමදාවත් එයාලගෙන් මට ලැබුනු කරුණාව, දයාව, ආදරය කවදා නැවතත් ලැබෙයිද කියලා මම දන්නේ නැති නිසා. මම මුලදිම කිව්වනේ ගලාගෙන යන ගංගාවේ මාලුවෝ ගොඩාක් ඉන්නවා කියලා.......

මේ දවස් ටිකේ අපට නම් නිවාඩු. ලංකාවේ එහෙම මෙහෙම නිවාඩුවත් සෙට් වුනොත් මලා තමයි. මොකද ගජයෝ ටික ඔක්කොම එනවා මාව කැන්දන් යන්න. කවුරු කොහොමත් හොදට කන බොන මිනිස්සුන්ට වෙන්නේ ඕකම තමා. කවුරුත් නොකීවාට. මොනවා වුනත් හැමදාම ලගින් ඉන්න එක යාලුවෙක් වත් ඉන්නවා කියන්නේ ඒක ලොකු වාසනාවක්. මට මේ අලුත් නවාතැනත්, සමාජයත් අලුත් අත් දැකීමක්. මෙහෙදීත් මට ගොඩාක් මිනිස්සු මුන ගැහෙනවා. බලමු මම යාලුවන් වෙනුවෙන් ලියන ඊලග ලිපියට මෙහෙනුත් සෙට් එකක් එකතු වෙයිද කියලා. මොකද අපි සල්ලි හම්බ කරන්න, ‍රැකියා කරන්න, වෙන ඕනම දෙයක් කලත් අන්තිමට ඉතුරු වෙන්නේ දුකේදී සැපේදී එකට ඉන්න පුලුවන් යාලුවෝ ටිකක් විතරයි. අනික අපි ඉගෙන ගන්න දේ මේ මොන දේ නැති වුනත් අපිව තනි කරන්නේ නෑ..........

Sunday, October 24, 2010

කැමතිද ? ලිනක්ස් Live USB එකක් හදා ගන්න.....

මුලින්ම කියන්න එපැයි මේ ලිපිය අමුන ගත්තේ ඔපන් සොර්ස් (Open Source) ආර්ටිකල් එකකින්. ඒකටත් හේතුව අපේ අශෝකයාගේ හොර වැඩක්. කොහොම වුනත් ඌ නිසා මට ඔයාලට මේකත් කියලා දෙන්න පුලුවන්. (අශෝක කියන්නේ මගේ පරන ඔපිස් එකේ බොක්කක්)

මුලින්ම කරන්න තියෙන්නේ UNetbootin කියන මෘදුකාංගය බා ගන්න එක. ආය ubuntu, fedora, kubuntu වගේ ලිනක්ස් ඔපරේටින් සිස්ටම් වල image file මේ වැඩේට ඕන. ඔයාලට මේ softwares free ගන්න පුලුවන්.

free software මෙතනින් ගන්න. ubuntu 10.10 32bit, ubuntu 10.10 64bit, UNetbootin

ඔන්න දැන් අපි වැඩේට බහිමු. ඔයාලා මුලින්ම අර උඩ තියෙන file ටික download කර ගන්න. download කර ගත්ත UNetbootin file එක run කරන්න.

හරි, දැන් මම Ubuntu දාන හැටි කියලා දෙන්නම්. මේ run කරපු application එකේ select distribution කියන තන ubuntu කියලා select කරන්න. select version කියන තන ubuntu 10.04_Live කියලා select කරලා, type කියන tab එකේ USB Drive වල Drive letter එක දීලා අපට කෙලින්ම iso file එක download & Install දෙකම කරන්න පුලුවන්. ඒ විදියට මේක කරන්න ගියොත් හෙට එලි වෙයි. ඒකයි මම කලින්ම කිව්වේ iso එක download කර ගන්න කියලා. ඒක කරන්නේ මෙහෙම

ඒ නිසා අපි කෙලින්ම download කර ගත්ත iso එක දාලා වැඩේ කරමු. Disk Image කියන තැන select කරලා ISO ‍තෝරා ගන්න. type කියන තැන USB Drive select කරලා අදාල drive letter එක දෙන්න. දැන් ok කරන්න. පහල රූපය බලන්න.


දැන් ok කලාට පස්සේ පහල තියෙන රූප සටහනේ වගේ යනවා කියන්නේ ඔයාලා වැඩේ සාර්ථකව කරලා තියෙනවා කියන එක. complete වුනාට පස්සේ restart වුනාම pen drive එකෙන් boot කරලා බලන්න.

Wednesday, October 20, 2010

CCENT Certification නොහොත් ඇතුල්වීම


ඔන්න ඉතින් මමත් පටන් ගත්ත ගමන්ම වඩේ නා ගත්තා. මොකද මම CCNA ගැනනේ කතා කලේ. මටත් අමතක වුන Entry Level Exam එක ගැන. මොකද මේ Exam එක කරන අය අඩුයි. ගොඩාක් අය කරන්නේ කෙලින්ම CCNA කරන එක. අනිත් එක ඉතින් අපේ අය හරි දක්ෂයිනේ ලොකු වැඩ කරන්න. අපි බහිමු වැඩේට....

CCENT කියන්නේ Cisco Certified Entry Networking Technician කියන එක. cisco මේ වගේ entry level එකක් හදලා තියෙන්නේ නෙට්වර්ක් වලට මුලින්ම අතුල් වෙන අයට ඒ පිලිබද හොද ආරම්භයක් ලබා දෙන්න. නැත්නම් වෙන්නේ පටන් ගද්දිම එල්ලිලා මැරෙන්න.

CCENT වලදී සාමාන්‍ය තරමේ නෙට්වර්ක් (Small Enterprise Network) ගැන හොද දැනුමක් ලැබෙනවා. නෙට්වර්ක් ස්ථාපනය කරන හැටි, troubleshoot කරන හැටි, ඒ ඇරුනම Network security, WAN, Wireless ගැනත් සාමාන්‍යයෙන් හොද දැනුමක් ලබා ගන්න පුලුවන්. ඒ වගේම CCNA වලට ඇතුල් වෙන්න ගොඩාක් ලේසි වෙනවා. හැබයි තව දෙයක් තියෙනවා ටිකක් මහන්සි වුනොත් CCNA දාගන්න එකයි හොදම දේ. මොකද නැත්නම් පාර වදින්නේ අපේ සාක්කුවට.

වැඩි විස්තර මේ අමුනලා තියෙන ලින්ක් වලින් ගන්න. මමත් ගොඩාක් විස්තර ගන්නේ cisco official site එකෙන්. ඔයාලට මේ exam වලට ඕන කරන study materials, dump, questions ඕන නම් කියන්න. මම දන්න විඩියට help එකක් දෙන්නම්.

මේ ලින්ක් ක්ලික් කරලා තොරතුරු බා ගන්න.....

CCENT Notes
Part 1 - Networking Fundamentals
Part 2 – LAN Switching
Part 3 – IP Routing
Part 4 – Wide-Area Networks

Tuesday, October 19, 2010

නෙට්වර්ක් ඉගෙන ගන්න ආසද...?

මට මේ ලිපිය ලියන්න හිතුනේ Office එකේ ඉන්න වෙලාවක. මොකද අපි හැමෝම නෙට්වර්ක් ගැන කතා කරනවා. නමුත් ආධුනිකයෙක්ට යන්න ඕන පාර කියලා දෙන්න කවුරුත් නෑ.

මමත් දැන් මේ ලොකුවට කෑ ගැහුවට මොනවා ලියන්නද කියලා හිතා ගන්න බෑ. මම කොහොමත් ආස CISCO වලට. ඉතින් මට පුලුවන් පුලුවන් වෙලාවට මම ටික ටික ලියන්නම්. ඉස්සෙල්ලාම Cisco Certification වලින් පටන් ගන්නම්. මොකද IT Field ඉන්න ඉගෙන ගන්න එක වැදගත් වෙනවා.



http://www.cisco.com/web/learning/le3/learning_career_certifications_and_learning_paths_home.html

මම මේ පින්තූරය අටව ගත්තේ Cisco Official Site එකෙන්. ඕනම කෙනෙක්ට www.cisco.com එකට ගිහින් ඕනම විස්තරයක් ගන්න පුලුවන්.

හැබැයි Cisco ගැන මෙහෙම ලියලා ඉවර කරන්න බෑ. මම දන්න ටික ඔයාලට කියලා දෙන්නම්. මොකද මම දන්නෙත් ටිකයි. මම ඊලග ලිපියෙන් CCNA වලින් පටන් ගන්නම්.......

Sunday, October 17, 2010

නුපුරුදු තනිකමක්..............

අද හුග දවසකින් මම නැවතත් මගේ බ්ලොග් පි‍ටුවට ආවා, මොකද අද කවමදාවත් හිතට නොදැනුන පාලුවක්, තනිකමක් හිතට දැනෙන නිසා. මොකද අද මමත් වැලිකතරක තනිවෙලා නිසා. ඉස්සෙල්ලාම ප්‍රභාත්ටත් මේ දේම දැනෙන්න ඇති. වෙලාවකට හිතෙනවා මේ මුදල් හොයාගෙන ආව ගමනේ මම අද තනි වෙලා කියලා. මොකද එදා මං ගාව හිටපු කවුරුත් මං ගාව නෑ. ඒ හැමෝම දැන් මට ඈතයි...............

මොනවා වුනත් මගෙ තනිකම නැති කර ගන්න මම අයෙත් ලියන්න පටන් ගන්නවා. මොකද අපට හිතෙන දේ හිතේ හැටියට ලියාගන්න පුලුවන් නිසා............

Wednesday, August 18, 2010

තව ටික දවසයි................

තව ටික දවසයි මට තියෙන්නේ ලංකාවේ ඉන්න..... මගේ ඊළග ලිපි ලියන්න වෙන්න ලංකාවෙන් පිට ඉදන්...... මේ දවස් වල හැමදේම අත ඇරලා ඉන්නේ............ තව ටික දවසකින් හමුවෙමු....