Wednesday, October 20, 2010

CCENT Certification නොහොත් ඇතුල්වීම


ඔන්න ඉතින් මමත් පටන් ගත්ත ගමන්ම වඩේ නා ගත්තා. මොකද මම CCNA ගැනනේ කතා කලේ. මටත් අමතක වුන Entry Level Exam එක ගැන. මොකද මේ Exam එක කරන අය අඩුයි. ගොඩාක් අය කරන්නේ කෙලින්ම CCNA කරන එක. අනිත් එක ඉතින් අපේ අය හරි දක්ෂයිනේ ලොකු වැඩ කරන්න. අපි බහිමු වැඩේට....

CCENT කියන්නේ Cisco Certified Entry Networking Technician කියන එක. cisco මේ වගේ entry level එකක් හදලා තියෙන්නේ නෙට්වර්ක් වලට මුලින්ම අතුල් වෙන අයට ඒ පිලිබද හොද ආරම්භයක් ලබා දෙන්න. නැත්නම් වෙන්නේ පටන් ගද්දිම එල්ලිලා මැරෙන්න.

CCENT වලදී සාමාන්‍ය තරමේ නෙට්වර්ක් (Small Enterprise Network) ගැන හොද දැනුමක් ලැබෙනවා. නෙට්වර්ක් ස්ථාපනය කරන හැටි, troubleshoot කරන හැටි, ඒ ඇරුනම Network security, WAN, Wireless ගැනත් සාමාන්‍යයෙන් හොද දැනුමක් ලබා ගන්න පුලුවන්. ඒ වගේම CCNA වලට ඇතුල් වෙන්න ගොඩාක් ලේසි වෙනවා. හැබයි තව දෙයක් තියෙනවා ටිකක් මහන්සි වුනොත් CCNA දාගන්න එකයි හොදම දේ. මොකද නැත්නම් පාර වදින්නේ අපේ සාක්කුවට.

වැඩි විස්තර මේ අමුනලා තියෙන ලින්ක් වලින් ගන්න. මමත් ගොඩාක් විස්තර ගන්නේ cisco official site එකෙන්. ඔයාලට මේ exam වලට ඕන කරන study materials, dump, questions ඕන නම් කියන්න. මම දන්න විඩියට help එකක් දෙන්නම්.

මේ ලින්ක් ක්ලික් කරලා තොරතුරු බා ගන්න.....

CCENT Notes
Part 1 - Networking Fundamentals
Part 2 – LAN Switching
Part 3 – IP Routing
Part 4 – Wide-Area Networks

3 comments:

  1. ඔබට ගොඩාක් ස්තුති මෙ සහයෝගයට
    මම ලිනක්ස් රෙඩ් හෑට් ෆෙඩොරා ගෑන දන්නවා කාට හරි උදව්වක් ඕනා නම්
    උදව් කරන්න පුලුවන් Rohan

    ReplyDelete
    Replies
    1. මම මේ ෆීල්ඩ් එකට එන්ටර් වෙන්න යන්නෙ මට රෙඩ් හැට් , ෆෙඩොරා ගැන පොඩ්ඩක් කියල දීපන්කො මචං

      Delete
  2. CCNA ගැන තවත් විස්තර කියන්න. මමත් guide ඒකක් බලාෙපාෙරාත්තුෙවන් ඉන්ෙන් කරන ෙකෙෙනක්ෙගන්.

    ඉතින් ලිනක්ස් රෙඩ් හෑට් ෆෙඩොරා ගෑන දන්නවා නම් step by step ලිපි ෙපලක් පටන්ගන්නව මනුස්සෙයා්.ෙනාදන්න අපි කාටත් පරෙයා්ජනවත් ෙනව?

    ReplyDelete

මම කැමතියි ඔයලගේ අදහස් දැන ගන්න. ඔයාලට හිතෙන දෙයක් ලියන්න. මොකද ඒ දේවල් මට වටිනවා.
singlish වලින් ටයිප් කරන්න යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.