Wednesday, July 27, 2011

ඔබ පෙරදා ආදරේන්.............


අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේ
අඳුරේ හෑඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ

ඔබ පෙරදා ආදරේන්
මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා //

තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා ...
මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා .....

ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා

සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී ...
හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ.....

ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා //

මේ සිංදුව ඇහුන දවසේ ඉදලා අද වෙනකම් අහනවා. හිතන්න එපා ලියන්න දෙයක් නැතුව මේවා ලියනවා කියලා. මේ දවස් වල හොදටම වැඩ. ලියන්න තරම් නිදහසක්, හිතට නිදහසක් නෑ. වල්මත් වෙලා වගේ වැඩ කරගෙන ගිහින් හැරිලා බලද්දී මම නිකන් තනි වෙලා වගේ හැගීමකුත් හිතට ආවම නොවෙයි.

හිතට දැනුන තනිකමක් නිසා මේ ගීතා හිත ගියාමත් නොවෙයි, පුදුම තේරුමක් තියෙනවා කියලා හැගෙනවා. අනික අපේ ජීවිතයට කොච්චරවත් ගීත සමීපද ?. වෙලාවකට අපටම කීවා කියලත් දැනෙනවා.

මෙහෙම කිව්වා කියලා මම ගැන වැරදියට හිතන්න එපා හොදේ. මම මේකට ආස නිසයි ලීවේ. ඉක්මනිනම මම ඔයාලට ඉස්සර වගේම අලුත්ම ලිපි ලියන්න බලපොරොත්තු වෙනවා. ගොඩාක්ම Linux සහ cisco ගැන. එහෙනම් ඕන් මම ගියා.

සිංදුව ඕනනම් මෙතනින් ගන්න. හැබයි ඉතින් මේක අහපු නැති කෙනෙක් නෑ. මෙතනින් ගන්න

Thursday, March 17, 2011

හිත මිතුරු සුළග...........


හිත මිතුරු සුළග ළග එන වැහි වලාවට කියන්....
අද නොපැමින අන් දිනයක වැසි ‍රැගෙන එන ලෙසින්.....
දිගු කළකින් ඈ මුන ගැසේවී හසගනක් ලෙසින්....
වැසි වැ‍ටුනොත් ඒ සොදුරු මොහොත අදුරු වේ සැනින්....



කස්ටිය බලනවා ඇති මොකද මේ රොබින්ට එක පාරම වුනේ කියලා. ඒ පාර හිතනවා ඇති මේ රොබින් කවුද කියලා. ඔය රොබින් කියන්නේ ඉල්ලගෙන කාලා දාගත්ත නමක්. මේ ගීතය එක්ක බැදිච්ච අතීතයක් තියෙනවා මගේ යලුවෙක්ට. AL කරන කාලේ. පොඩි love සීන් එකක්. මේ සිංදුව ඇහුන වෙලේ මට එක පාරටම මේ සිද්දිය මතක් වුනා.

ඔන්න ඒකාලේ සෙට් එකම නුවර ක්ලාස් යනවා AL ගොඩ දා ගන්න. ඔය කාලේ ඉතින් love මාන්දමනේ. සෙට් එකේ ට්‍රයි එක ඉරිදට ඉක්මනටම ගෙදර පනින එක. ඔය අස්සේ එකෙක් ඉන්නවා දවල්12 ට ක්ලාස් කට් කරලා පනින එකෙක්. ඌ නම් ක්ලාස් කට් කරලා පනින්නේ කලින් ගෙදර යන්න නෙවෙයි. ඌගේ පෙම්බරීව මීට් වෙන්න. අපේ භාෂාවෙන් කිව්වොත් කෑල්ල බලන්න.

නියම වැඩේ කියන්නේ ඔන්න එක දවසක් සෙට් වුනා ක්ලාස් නැති. ඔන්න සෙට් එකම එදා කලින්ම යන්නයි සූදානම. සෙට් එකම ආවා ගුඩ්ෂෙඩ් එකට. ඒ කියන්නේ නුවර බස් ස්ටෑන්ඩ් එකට. ආ... කියන්න අමතක වුනානේ මේ සෙට් එකම නුවර අදින්නේ හැටන් ඉදලා. ඒ කියන්නේ අපේ ස්කූල් එක හැටන් තියෙන නම් දරාපූ පාසලක්. වැඩිය කියන්න ගියොත් බඩුත් එක්කම හොරුත් මාට්‍ටු වෙනවා. කොහොමහරි ඔන්න එදා කලින් ආවට මොකද යන්න බස් නෑ. කොහොම හරි ඔය සෙට් එක පොර කාලා නැග්ගා AC බස් එකකට. ඔය අතරේ අර අනිත් එකා කොයි වෙලෙත් වෙලාව බලනවා. ඌට කෑල්ල බලන්න පරක්කු වෙලා. කට්ටිය හිතයි මම කොහොමද ඔච්චර විස්තර දන්නේ කියලා. මමත් ඉතින් ඒ සැට් එකේ එකෙක් තමයි... හික්... හික්....

දැන් තමයි සිද්දියට එන්නේ.... ඔන්න මමයි, ඔය සිංදුව කියපු එකයි, අර කෑල්ල බලන්න යන එකයි අන්තිම සීට් එකට සෙට් වුනා. ඔය සිංදු කියන එකාගේ නම බද්‍රපාල. අපි ආදරේට කියන්නේ බද්‍රේ කියලා. අපි පුරුද්දකට වගේ ඉතින් හැමදාම සිංදු කවි කරනවා. ඔන්න එදා වැස්සත් එක්ක. ඉන්ටර් සිටි කිව්වට දකින දකින තැන නවත්තනවා. ඒ අතරේ අරූ වෙලාව බලනවා. මොකද උ දුවන්නේ හතර හමාරේ කොච්චියට. ඒකට කියන්නේ කට්ටිය ලව් ට්‍රෙන් කියල. හිතාගන්න පුලුවන්නේ නේද?

කොහොම හරි වටවල හරියට එන කොට train එක යනවා. ඒක මිස් වුනොත් බඩුම තමා. දෙකම මෙහෙම මෙහෙම. ඒ කියන්නේ ලගින් කියන එක.. හික් හික්... ඔන්න ඔය අතරේ අර love සිකා නහයෙන් අඩන අතරේ බද්‍රේ පටන් ගත්තනේ 'හිත මිතුරු සුලග' දැන් ෆුල් ආතල්. අරුගේ මූණ රතු වෙලා, මල පැනලා. ඒ මදිවට වෙලාව බල බලා අපට දෙහි කපනවා. ඔය අතරේ බද්‍රේ repeat වෙනවා. දැන් අරූට හොද ගානට මල පැනලා. කොහොමහරි බස් එකයි, ට්‍රේන් එකයි එකටම වගේ හැටන් එකට ආවා. මූ අපටත් නොකියම දුවපි. ඒ මලේ හොදම හරිය වෙන්න ඇති. ඉතිරි හරිය අහගන්න ඔන ලව් සිකාගෙන්ම තමයි. හැබයි මට අදටත් අර බද්‍රේ සිංදුව කියපු ඇක්ෂන් එක අමතක වෙන්නේ නෑ. තව ඉස්සරහටත් දෙන්නම්කො බද්‍රේගේ වැඩ......

සැ.යු: මෙහි එන සමහර නම් ගම් මනං කල්පිතයි.

Monday, January 24, 2011

CCNA Certification එකට පොඩි Support එකක්.....


හුග දවසක ඉදලා CCNA ගැන පොඩ්ඩක් ලියන්න හිතන් හිටියත් කොහෙද වේලාවක් සෙට් වුනේම නෑ. ඔන්න දෙනනම් ජම්බු කියලා වැඩේ පටන් ගත්තා. මේක මගේ පොඩි උත්සාහයක් විතරයි ඔයාලට අදහසක් ගන්න. ඕන දෙයක් තිබ්බොත් email වලින් help එකක් දෙන්න බලන්නම්.

කෙටියෙන්ම පටන් ගමු. 640-802 CCNA ලෙස විනාඩි 90ක exam එකක්. සාමානයෙන් ප්‍රශ්න 50-55ක් අතර වගේ ගානක් ලැබෙනවා. lab ටිකත් එක්ක. මෙහිදී cisco routing switcing ගැන හොද අවබෝධයක් ගන්න පුලුවන්. සෑහෙන විෂ්‍ය මාලාවක් මේ සදහා ඇතුලත් වෙනවා.

මෙහිදී install, configure, operate, troubleshoot ගැන හොද අවබෝධයක් සාමන්‍ය මට්ටමේ routed and switched network පිලිබදව ලබා ගන්න පුලුවන්. තවත් මුලික ලෙස remote sites බාවිතයෙන් WAN, security threats, සහ wireless network access පිලිබද හොද දැනුමක් ගන්න පුලුවන් කරුනු මෙහි ඇතුලත් වෙනවා. හොදම දේ නම් අපි නිතර භාවිතා කරන IP, Enhanced Interior Gateway Routing Protocol (EIGRP), Serial Line Interface Protocol Frame Relay, Routing Information Protocol Version 2 (RIPv2) යන protocol පිලිබදවත් VLANs, Ethernet සහ access control lists (ACLs) පිලිබද සවිස්තරාත්වක දැනුමක් ලබා දීමයි.

CCNA certification එක වලංගු වන්නේ අවුරුදු 3ක කාලයක් සදහා පමනයි. සාමානයෙන් දිගින් දිගටම exam කරගෙන ගියොත් certification එක වලංගු වෙනවා. අන්තිමට CCIE කලොත් ජීවිත කාලයටම වලංගු වෙනවා.

මෙහි විෂය මාලාව විශාල පරාසයක් හරහා පැතිරෙන නිසා මූලික දැනුමක් නැතුව ස්වොත්සාහයෙන් කරන්න ගියොත් ඇන ගන්න පුලුවන්. හොදම දේ කටපාඩම් නොකර හොද ගුරුවරයෙක්ගේ සහයෝගය ඇතුව හොද මූලික ආරම්භයක් ගන්න එක. පසුව ඔබට යම් දැනුමක් ලැබුනු පසු ඔබටම කරුනු හොයාගෙන ඉගෙන ගන්න පුලුවනි. self study වලට ඕන තරම් කරුනු අන්තර්ජාලයේ තියෙනවා.

CCNA Certification එක පිලිබද බොහෝ කරුනු මෙතනින් ගන්න

අලුත්ම විභාග ප්‍රශ්න හා ඒ වටා බැදුනු අනෙක් කරුනු මෙතනින් ගන්න

Sunday, January 2, 2011

සුභ නව වසරක් වේවා...............!


සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයටත්, සියලු බ්ලොග්කරුවන්ටත්, සියලු ලෝකවාසී ජනතාවටත් සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා...............!

Wednesday, December 22, 2010

SBU ගැන්සිය



2010.12.19 දා තිබුනු SBU සුහද හමුවේ සමූහ ඡායාරූපය දැක්කම හිතට පුදුම සතුටක් දැනෙන්නේ. කොටින්ම කිව්වොත් ඇඩෙනවා. ඇඩෙන්නනම් හේතූ 2ක් තියෙනවා. එකක් මේ ඉන්න SBU සහෝදරයෝ දැක්කම ඇති වෙන සතුටට. අනිත් හේතුව එන්න බැරිවුන එක. මොනවා කරන්නද වැකේෂන් එක සෙට් වුනේ ලබන අවුරුද්දට. මොනවා වුනත් වැඩේ මල් හතයි. අපිට ඉතින් කියන්න තියෙන්නේ SBU ගැන්සිය සදා වැජබේවා කියලා තමයි.....

Wednesday, November 17, 2010

යාලුවෝ ඕනම ද ?


යාලුවෝ ඕනම ද ? ඇත්තෙන්ම ඕන. හැබැයි දුකේදී සැපේදී දෙකේදිම ඉන්න යාලුවෝ.

සමහරු හිතනවා ඇති මම මොකද මේ වගේ දෙයක් ලියන්නෙත් කියලා. ඕනම කෙනෙක්ට හිතට එන දේ ලියන්න පුලුවන්. ඒකට කාගෙන්වත් ප්‍රශ්නයක් නෑ. අද නම් අපට නිවාඩු. ඒකයි මට මගේ යාලුවන් වෙනුවෙන් මේක ලියන්න හිතුනේ. කොටින්ම කිව්වොත් මම මේක ලියන්නෙත් මගේ යාලුවෙක්ගෙ Lap එකෙන්. කොහොම වුනත් හැමෝම දන්නවා මගේ යාලුවෝ ගැන්සිය ගැන.

කොහොම වුනත් අපි සමාජයේ සැරිසරද්දි නොයෙකුත් ජාතියේ මිනිස්සු හමු වෙනවා. අපි දැන ගන්න ඕන අපට සුදුසු තත්වෙට ගැලපෙන අය ආශ්‍රය කරන්න. මොකද එහෙම නැතිවුනොත් අපිට මේ ගගක් වගේ ගලා යන ජීවීතේ මාලුවෙක් වගේ පීනගෙන ගිහින් ලස්සන අත් විදින්න බැරි වෙනවා.මොකද අපේ මල්ලියෙක් කිව්වා වගේ ජීවිතේ කියන්නේ කවියක්. ඒ කතාව නම් හරියට හරි.

කොහොමත් මගේ පාසල් කාලයේ ඉදන් හොද යලුවෝ සෙට් එකක් හිටියා. අදටත් අපි ඉන්නේ එකට. අපේ ජිවිත ගොඩාක් ලස්සන වුනේ අපි එකතු වෙලා වැඩ කරද්දි. ඒ කාලේ ගොඩාක් ලස්සනයි. අදටත් අපි ටික එකට එකතුවෙලා වැඩ කරනවා. හබැයි දැන් ඉස්සර වගේ මුන ගැහෙන්නවත්, සෙට් වෙන්නවත් කාලයක් නෑ. මොකද අපි කරන ‍රැකියාවන් එක්ක අපේ කාලය සීමා වෙලා.

මට ඉස්කෝල කාලෙදි වගේම, මම නයින්හාට්ස් වැඩ කරද්දිත් හොද යලුවෝ ටිකක් සෙට් වුනා. ක්ලාස් එකේදී, කැම්පස් එකේදී, සෙට් වුන අයගෙන් අදටත් මාත් එක්ක හොද මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ වගේම තමයි මේ බ්ලොග් සංසදයේ ඉන්න අපේ වැඩ්ඩෝ ටිකත්. මට හැම වෙලේම මේක කරන් යන්න අත දුන්නේ එයලා. මම මෙහෙම ලියන්නේ මේ බිත්ති හතරට තනි වෙලා තනියම ඉන්න වෙලාවට මගේ යාලුවෝ සෙට් එක මතක් වුන නිසා. කවමදාවත් එයාලගෙන් මට ලැබුනු කරුණාව, දයාව, ආදරය කවදා නැවතත් ලැබෙයිද කියලා මම දන්නේ නැති නිසා. මම මුලදිම කිව්වනේ ගලාගෙන යන ගංගාවේ මාලුවෝ ගොඩාක් ඉන්නවා කියලා.......

මේ දවස් ටිකේ අපට නම් නිවාඩු. ලංකාවේ එහෙම මෙහෙම නිවාඩුවත් සෙට් වුනොත් මලා තමයි. මොකද ගජයෝ ටික ඔක්කොම එනවා මාව කැන්දන් යන්න. කවුරු කොහොමත් හොදට කන බොන මිනිස්සුන්ට වෙන්නේ ඕකම තමා. කවුරුත් නොකීවාට. මොනවා වුනත් හැමදාම ලගින් ඉන්න එක යාලුවෙක් වත් ඉන්නවා කියන්නේ ඒක ලොකු වාසනාවක්. මට මේ අලුත් නවාතැනත්, සමාජයත් අලුත් අත් දැකීමක්. මෙහෙදීත් මට ගොඩාක් මිනිස්සු මුන ගැහෙනවා. බලමු මම යාලුවන් වෙනුවෙන් ලියන ඊලග ලිපියට මෙහෙනුත් සෙට් එකක් එකතු වෙයිද කියලා. මොකද අපි සල්ලි හම්බ කරන්න, ‍රැකියා කරන්න, වෙන ඕනම දෙයක් කලත් අන්තිමට ඉතුරු වෙන්නේ දුකේදී සැපේදී එකට ඉන්න පුලුවන් යාලුවෝ ටිකක් විතරයි. අනික අපි ඉගෙන ගන්න දේ මේ මොන දේ නැති වුනත් අපිව තනි කරන්නේ නෑ..........

Sunday, October 24, 2010

කැමතිද ? ලිනක්ස් Live USB එකක් හදා ගන්න.....

මුලින්ම කියන්න එපැයි මේ ලිපිය අමුන ගත්තේ ඔපන් සොර්ස් (Open Source) ආර්ටිකල් එකකින්. ඒකටත් හේතුව අපේ අශෝකයාගේ හොර වැඩක්. කොහොම වුනත් ඌ නිසා මට ඔයාලට මේකත් කියලා දෙන්න පුලුවන්. (අශෝක කියන්නේ මගේ පරන ඔපිස් එකේ බොක්කක්)

මුලින්ම කරන්න තියෙන්නේ UNetbootin කියන මෘදුකාංගය බා ගන්න එක. ආය ubuntu, fedora, kubuntu වගේ ලිනක්ස් ඔපරේටින් සිස්ටම් වල image file මේ වැඩේට ඕන. ඔයාලට මේ softwares free ගන්න පුලුවන්.

free software මෙතනින් ගන්න. ubuntu 10.10 32bit, ubuntu 10.10 64bit, UNetbootin

ඔන්න දැන් අපි වැඩේට බහිමු. ඔයාලා මුලින්ම අර උඩ තියෙන file ටික download කර ගන්න. download කර ගත්ත UNetbootin file එක run කරන්න.

හරි, දැන් මම Ubuntu දාන හැටි කියලා දෙන්නම්. මේ run කරපු application එකේ select distribution කියන තන ubuntu කියලා select කරන්න. select version කියන තන ubuntu 10.04_Live කියලා select කරලා, type කියන tab එකේ USB Drive වල Drive letter එක දීලා අපට කෙලින්ම iso file එක download & Install දෙකම කරන්න පුලුවන්. ඒ විදියට මේක කරන්න ගියොත් හෙට එලි වෙයි. ඒකයි මම කලින්ම කිව්වේ iso එක download කර ගන්න කියලා. ඒක කරන්නේ මෙහෙම

ඒ නිසා අපි කෙලින්ම download කර ගත්ත iso එක දාලා වැඩේ කරමු. Disk Image කියන තැන select කරලා ISO ‍තෝරා ගන්න. type කියන තැන USB Drive select කරලා අදාල drive letter එක දෙන්න. දැන් ok කරන්න. පහල රූපය බලන්න.


දැන් ok කලාට පස්සේ පහල තියෙන රූප සටහනේ වගේ යනවා කියන්නේ ඔයාලා වැඩේ සාර්ථකව කරලා තියෙනවා කියන එක. complete වුනාට පස්සේ restart වුනාම pen drive එකෙන් boot කරලා බලන්න.